Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 1, 2014

Internet නැතුව Win 8 වල .NET Framework 3.5 Enable කරමු..





මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. Windows 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.




හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියල. Offline ඉදන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දි නිකන් Data ඉවර කරගන්නෙ මොකටද නේද?


01 ක්‍රමය

මුලින්ම Win + R ගහල cmd කියල ටයිප් කරල Command Prompt එක ඕපන් කරගන්න.
දැන් පහල තියන පිලිවෙලා කෝඩ් ටයිප් කරල System32 Folder එකට යන්න.
C:\User>cd c:\
C:\>cd windows\system32





(මේ වගේ නිල් පාට කරල තියන කෝඩ් විතරක් ටයිප් කරන්න)

හරි  දැන් ඔය පහලින් දාල තියන කෝඩ් එකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ.එහෙනම් ඒක Command Prompt එකේ ටයිප් කරගන්නකෝ.

Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\sxs /LimitAccess


රතු පාට කරල තියන F අකුර වෙනුවට ඔයාගෙ CD රොම් එකේ අකුර දෙන්න. Win8 DVD එකත් Rom එකට දාන්න ඕනෙ හොඳද? දැන් Code එක හරියට ගැහුවනම් Enter කරන්න. පහල රූපය බලන්න.




02 ක්‍රමය


මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. පහලින් Link එක දාල තියනවා.

http://linkshrink.net/7QrhOh
 
හරි සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න.



හරි දැන් ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එක තෝරල Start Installation කියන තැන Click කරන්න.




.Net 3.5 එකේ Offline Installer එක ඉන්ටර්නෙට් එකෙන් ගන්නවනම් මෙතනින් ගන්න පුලුවන්..

දැන් වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනම්  කමෙන්ට් කරල අහන්න.එහෙනම් ඔන්න මන් ගියා....


1 comments:

Unknown said...

OYA DEKA KALA HARIGIYE NANE ERROR EKAKAK ENAWA