Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, April 26, 2014

ඕනම Web Page එකක් PDF විදියට Save කරමුද ? ( HTML Save To PDF )



ඔන්න අදත් තව වටින Post එකක් තමයි යාලුවන්ට දෙන්න හිතුවෙ, මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයට දැනගන්න කියල දෙන්නම්... අද කියන්න යන්නෙ කොහොමද HTML Page එකක් PDF File එකක් විදියට Save කරන්නෙ කියල. එහෙම නැත්නම් අපි Net එකේ ඉදන් බලන Web Page එකක් කොහොමද PDF විදිහට Save කරන්නෙ කියල. මේකට අමුතුවෙන් Software ඕනි කරන්නෙ නෑ. අපි Use කරන Google Chome Browser එකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්.. හරි ලේසියි, එහෙනම් පහල තියෙන විදිහට වැඩේ කරගෙන යමු...


  • තමන්ට ඕනි කරන Web Page එකට Google Chome Browser එකෙන් යන්න.
  • ඊලගට ඔයාගෙ Chome එකේ දකුණු පැත්තෙ උඩ කෙලවරෙ Close Button එකට පහලින් තියෙන Button එක Click කරල ඒ යටතේ තියෙන Print කියන එක Click කරන්න. නැත්නම් Ctrl + P ඔබන්න.. ( හොයාගන්න බැරිනම් පහළ රූපය බලන්න.)



  • දැන් පහල පින්තූරයෙ තියන විදියට Destination කියන තැන තියන Change කියන බටන් එක ක්ලික් කරන්න.



  • ඊලඟට විවෘත උන වින්ඩෝ එකේ Save as PDF කියන එක උඩ ක්ලික් කරන්න.



  • හරි දැන් Save බටන් එක ක්ලික් කරන්න.




  • ඊලඟට Save කරන තැන තෝරල ෆයිල් එකට නමක් දීල Save කරන්න.


එහෙනම් වැඩේ ගොඩ නේද ? දැන් වැදගත් Page එකක් Set උනාම කරදරයක් නැතුව පස්සෙ බලන්න PDF විදියටම Save කරල තියාගන්න..

Post එක වැදගත් උනානම් Comment එකකුත් දාලම යන්න...