Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, April 28, 2014

IDM එකේ Fake Serial කරදරේ සදහටම නැති කරමු..( Fix IDM Fake Serial Error )



අද ඔයාලට IDM එකේ තවත් ප්‍රශ්නයකට විසදුම් දෙන්නයි යන්නෙ. ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ම IDM එක අපි Activate කළාට, සමහර වෙලාවට Fake Serial කියලා Error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා...



ඇත්තම කියනවා නම් මේ කරදරේ නිසා IDM එපා වෙනවා... හැබැයි IDM එක Full Activate කරලයි තියෙන්නේ...

මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....ඔන්න ඒක තමයි ඔයාලට අද කියල දෙන්න යන්නෙ. ඔයාලත් IDM Activate කලාට පස්සේ, මේ විදියට Fake Serial කියලා Error එකක් එනවා නම් මෙන්න මේ විදියට ගොඩ දා ගන්න.

  • මුලින් ම RUN එක open කරගන්න. (  Windows Key + R )
  • දැන් regedit කියලා type කරලා OK කරන්න.
  • දැන් Registry Editor Window එක Open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක Double Click කරන්න.
  • ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් Double Click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  • අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක Double Click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික Close කරලා දාන්න. ( ඔබට  Fake Serial කියලා Error Message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය ) 
එහෙනම් වැඩේ ගොඩ නේද ? දැන් කරදරයක් නැතුව IDM Use කරමු. ආයෙත් වැදගත් Post එකක් එක්ක හමු වෙමු......