Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 29, 2014

Shutdown , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු....



ඔන්න අදත් තවත් වැඩගත් වෙන වැඩක් තමෛ කියන්න යන්නේ. කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන Windows වැඩ ටික Desktop එකේම  ඉදන් කරගන්න පුලුවන් උනනම්.. ඔන්න එහෙනම් පහල තියෙනව කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන ඒවයෙ Desktop Shortcut හදා ගන්නෙ කියල. හරි ලේසියි..

මුලින්ම ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එක Shortcut එකක් හදල ඉවරවෙලා අනික හදන්න. ඔය නිල් පාටට තියෙන කො‍ටුව ඇතුලෙ තියෙන Code එක විතරක් Copy කරගන්න.


  • Shutdown -  Shutdown.exe -s -t 00
  • Restart  -  Shutdown.exe -r -t 00 
  • Lock  -  Rundll32.exe User32.dll,LockWorkStation 
  • Sleep - rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0 
  • Hibernate  - rundll32.exe PowrProf.dll,SetSuspendState

ඔය කහපාටින් තියෙන Code එක විතරක් Copy කරගන්න.

නැත්නම් ඔන්න ඔය ටික Text File එකක් විඩියට තියෙනව, 02 KB තියෙන්නෙ, පහළින් බා ගන්න....



එක Code එකක් Copy කරගෙන ඉවර වෙලා Desktop එකේ Right Click කරල New ------- Shortcut කියන එක Click කරන්න.



දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් එයි. ඔයා Copy කරගත්ත Code එක ඔය රූපයේ පෙන්නල තියෙන තැනට Paste කරන්න..



එහෙනම් දැන් වැඩේ ගොඩ. Shortcut එක උඩ Double Click කරලම බලන්නකෝ.. කියන්න අමතක උනා, හැම Code එකටම වෙන වෙනම Shortcut හදන්න ඕනි.. එක Shortcut එකකින් වෙන්නෙ එක වැඩයි හොදද ? 

ඔයා හදපු Shortcut වලට icon එකක් දා ගන්න ඕනි නම් Shortcut Icon එක උඩ Right Click කරල Properties වලට යන්න. එතකොට එන Window එකේ Change Icon කියන එකෙන් කැමති Icon එකක් ‍තෝරල OK කරන්න...