Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 3, 2014

C Drive එකේ තියෙන අනවශ්‍ය File Clean කරල දාමුද ? ( C Cleaner)



ඔන්න ආයෙත් ඔයාලට වැදගත් වෙන සුඔඉරි Software එකක් තමයි අරගෙන ආවේ.. Topic එක දැක්කම තේරෙනව ඇති මේ මොනව ගැනද කියන්න යන්නෙ කියල.. මේ Software එකේ නම C Cleaner... මේක මුලු ලෝකයේම පරිගණක භාවිතා කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය Software එකක්..

මේකෙන් කරන්නෙ අපේ පරිගණකයේ වැදගත්ම Drive එක වන C Drive එකේ තියෙන කරදරකාරී , ඒ වගේම අනවශ්‍ය File ඉවත් කරන එක.. අපි හිතමුකෝ අපි Game එකක් Install කරා කියල අපි දන්නෙ නැති උනාට ඒකෙදි අපේ පරිගණකයට විවිධ File දස දහස් ගානක් Save වෙනවා.. ඉතින් මේ සේරම Save වෙන්නෙ ඔයාගෙ C Drive එක තුල , හරි ඒකත් අව්ලක් නෑ කියමුකෝ... මොකද අපි game නොගහ ඉන්නද ? ඉතින් පස්සෙ කාලෙක අපි ඔය Game එක Uninstall කරන කොට ඔය File සේරම මැකිල යනවද ? කොහෙත්ම නෑ , ඒවයින් ටිකක් හරි Missin වෙලා ඉතුරු වෙනවා.. Game වලට විතරක් නෙමෙයි , අනිත් Software වලටත් ඔය විදියම තමයි.. ඉතින් ටික කාලයක් යනකොට පරිගණකය Slow වෙලා කියල බනිනවා..

ඉතින් ඔය විදියට ගොඩ ගැහෙන අනවශ්‍ය Files නිසා පරිගණකය මන්දගාමී වෙනව වගේම , C Drive එකේ ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා.. ඉතින් මෙන්න මේ කරදරෙට විසදුම තමයි C Cleaner කියන්නේ..

ඔන්න අපි ලෝබ නැතුව C Cleaner Professional Plus එක තමයි දෙන්න... ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න..  


 C Cleaner

දැන් ඕක Install කරල Scan පාරක් එහෙම දාල Clean කරල දාන්නකෝ.. එතකොට ඔයාගෙ පරිගණකයේ C Drive එක තුල තියෙන අනවශ්‍ය File ඔක්කොම Clean වෙලා යයි. සතියකට වරක් වත් මේ වැඩේ කරනවනම් ඔයාගේ පරිගණකය මන්දගාමිඅ වෙන එකක් නෑ.. 

Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා.. ඒ වගේම අලුත් දෙයක් ඉගන ගන්න ඇති කියලත් හිතනවා.. එහෙනම් ඉතින් Comment එකක් එහෙමත් දාගෙන යන්න...

තවත් අලුත් Post එකකින් හමු වෙමු.. අපි ගියා......

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....