Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 4, 2014

ඔන්න එහෙනම් Pen Drive එකේ Icon එකට තමන්ගෙම Photo එකක් දා ගමු.. ( Change Pen Drive Icon )



ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් තමයි දෙන්න යන්නේ.. කොහොමද ඔයාගෙ Pen Drive එකේ , එහෙමත් නැත්නම් SD Card එකේ Icon එක විදියට Photo එකක් එහෙම දැම්මොත්.. ආයෙ මාරු වෙන්නෙත් නෑ,, හොයා ගන්නත් ලේසියි.. ඉතින් ඔය පහළ රූපෙ තියෙන විදියට Icon එක මාරු කරගන්නෙ කොහොමද කියල අපි පියවරෙන් පියවර කියල දෙනවා.. එහෙනම් කියවලම බලන්නකෝ...



මුලින්ම ඔයාට Icon එක විදියට දා ගන්න ඕනි Photo එක Format Factory භාවිතා කරල .icon File  එකක් විදියට Convert කරගන්න..

Format Factory එක නැත්නම් ඔන්න පහළ Link එකෙන් ගිහින් ගන්න... බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණු පස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

 Format Factory


ඒ වැඩේ Format Factory එකෙන් කරගන්නෙ කොහොමද කියල ඔන්න පහළින් Screen Shot එකක් තියෙනවා.. අපැහැදිලි නම් Picture එක උඩ Click කරල Full Size බලන්න...

  • දැන් ඔයාල Icon එකක් Create කරගෙන ඇති කියල හිතනවා Format Factory භාවිතා කරලා.. 

  • දැන් ඔයාගෙ පරිගණකයට Pen එක සම්බන්ධ කරන්න..
  • ඊළගට Notepad එක Open කරගන්නකෝ..

  • දැන් Notepad එකේ මම පහළ Photo එකේ දීල තියෙන විදීයට Type කරන්න.. ඔය විදියටම Type කරන්න.. මොනවත් වෙනස් කරන්න යන්න එපා...


  • ඊළගට මම උඩ තියන Photo එකේ Highlight කරල තියෙන Kanapita කියන එක වෙනුවට ඔයා හදා ගත්ත Icon එකේ Name එක දෙන්න... ඔය ටික කරගන්න බැරිනම් ඔන්න මම Type කරපු එක පහළ තියෙනවා.. 2 KB තමයි තියෙන්න Download කරගන්නකෝ  ( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )

 Chnge Icn Notepad

  • ඔයා බා ගත්ත එක Open කරල ඒකෙත් Kanapita කියන එක වෙනුවට ඔයා හදා ගත්ත Icon එකේ Name එක දෙන්න...

  • දැන් File -- Save As ගිහින් මේක Save කරගන්න.. මතක ඇතිව මේක Save කරන්න ඕනි ඔයාගෙ Pen Drive  එකට... Save කරද්දි Name එක විදියට Autorun.inf කියල දෙන්න... File Type එක විදියට All Files කියල දීල Save කරන්න.. ඔන්න පහළ Screen Shot එකකුත් තියෙනව බලන්න..


  • දැන් ඔයා මුලින්ම හදා ගත්ත Icon එක Pen එකට Copy කරගන්න... මගේ එකේ විදියට නම් Kanapita කියන Icon Photo එක

  • ඊළගට කලින් ඔයා save කරගත්ත Autorun කියන File එකයි , Pen එකට දා ගත්ත Icon Photo එකයි ( මේකට අනුව Kanapita කියන එක ) එකින් එක ‍තෝරල Right Click --- Propertice ගිහින් Hidden & Read Only කියන ඒව Tic කරල Apply කරල Ok කරන්නකෝ.. ඔය පහළ Photo එකේ තීයෙන විදියට..


  • දැන් ඔයාගෙ Pen Drive එක පරිගණකයෙන් Eject කරන්න...


  • හරි එහෙනම් පෙන් එක ආයෙත් ඔයාගෙ පරිගණකයට Plug කරල බලන්නකෝ මොකද වෙලා තියෙන්නෙ කියලා... 


කොහොමද දැන් Pen එකේ Icon එක ගින්දර වගේ මාරු වෙලා ඇති..

මොනව හරි අව්ලක් තියෙනම් Comment එකක් දාන්න.. වැඩේ ගොඩනම් ඉතින් සද්ද නැතුව නොගිහින් ඒ ගැනත් මොනව හරි ලියල යන්න..

එහෙනම් අපි ගියා.. මේ වගේ වැදගත් Post එකක් එක්ක ආයෙත් හමු වෙමු...

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....