Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 10, 2014

පරිගණකයට වයිරස් එකක් ගියාම ඒ ගැන දැනගන්නෙ කොහොමද ?



ඔන්න අද ලිපියෙන් දෙන්න යන්නෙ ඔයාගෙ පරිගණකයට Virus එකක් ඇතුලු උනාම ඒක හදුනගන්නෙ කොහොමද කියලා.. බොහෝ වෙලාවට හොද Virus Guard එකක් තියෙනම්  Virus එක හොයාගෙන අපිට Notification එකක් එවනවා. ඒත් Virus Guard එක නිසියාකාරව ක්‍රියාකරන්නෙ නැත්නම්... ඔයාගෙ පරිගණකයෙත් ඔය පහළ තියෙනව වගේ රෝග තියෙනවනම් අනිවාර්යෙන්ම වයිරස් ආසාදනය වෙලා.. හොද Virus Guard එකක් දාල Scan කරගන්න..

පරිගණකයට වයිරස් එකක් ගියාම අපි කොහොමද දැන ගන්නෙ...

  • ඔයා Delete කරපු File ආයෙත් Auto Copy වීම.
  • පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
  • පරිගණකය නිතර නිතර off වීම
  • පරිගණකය නිතර නිටහර restart වීම
  • සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම
  • සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම
  • සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම
  • ගොනු ඉබේම මැකීම
  • වැඩකට නැති ගොනු එකතුවීම
  • තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම
  • නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම
  • මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම
  • තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම
  • විවිධ වූ ශබ්ද ඇසීම
  • පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම
  • පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම
  • නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම
  • මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම
  • පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම
  • පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම 
  • Task Manager / Registry වගේ දෙවල් disable වීම.
  • Folder Hidden වෙලා ඒ වෙනුවට shourtcut එකක් නිර්මාණය වීම.
  • Partiotion වල autorun file එකක් නිර්මාණය වීම.
එහෙනම් අපි ගියා... ඔයාගෙ පරිගණකයෙත් මේ වගේ රෝග තියෙනවනම් හොද Virus Guard එකක් දාල බලන්න...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...