Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts

Saturday, June 10, 2017

Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික ආයෙත් ගේමට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Saturday, June 3, 2017

Internet Slow ද ? එහෙනම් වෙගවත් කරමු.. ( Ashampoo Internet Accelerator )


ඔන්න බර බර ගගා ඉබි ගමනින් Internet යන අයට මේ Post එක වැදගත් වේවි.. අපේ පරිගණකයේ Registry එකේ වගේම, අපේ Browser වල ආදියේ මෙන්ම Firewall Settings ආදියේ ඇති වෙන වෙනස්කම් නිසාත් අපේ අන්තර්ජාල සබදතාවය තරමක් මන්දගාමී වෙන්න පුලුවන්..


ඉතින් මේ මෘදුකාංගය තුළින් ඔයා නොදැනුවත්වම ඔබේ පරිගණකයේ ඇති වෙන වෙනස් වීම් නැවතත් හදලා අපේ අන්තර්ජාල වගය වැඩි කරලා දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..


ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..


මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්..

මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට Data ලැබෙනවා.. Score 4 - 160 MB

 
ඉතින් මේ Game එකේදි පාරෙ මන්තීරු දෙකේ කාර් දෙකක් එනවා.. මේ කාර් දෙකම එකම මන්තීරුවේ ආවොත් හැපෙනවා.. ඔයාට තියෙන්නේ Mouse එක click කරලා මේ කාර් දෙක එන මංතීරු මාරු කර කර වාහන දෙන හැප්පෙන්නෙ නැති වෙන්න අරන් යන්නයි..

ඉතින් ඔය විදියට ඔයාට උපරිම ලකුණු 16 ක් දක්වා Game එක Play කරන්න පුලුවන්.. ඒ කියන්නේ ඔයාට ඔයාගෙ මොබිටෙල් Number එක දීලා 2 GB Data ලබාගන්න පුලුවන්.. ඉතින් ඔයාට 4 GB ගන්න ඕනි නම් මේ වැඩේට ඔයාගේ Refferal Link හරහා 10 ක් Set කරලා ඔයාගේ Data ප්‍රමාණය ඩබල් කරගන්න පුලුවන්..

ඉතින් මේ සදහා පහළ Link එකෙන් ගිහින් ඔබේ Facebook ගිණුම හරහා Log වෙන්න..

                                         Register Now

දැන් Game එක Play කරන්න.. Refferal Link හදාගන්න අමාරුනම් අපිට Comment එකක් දාන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Friday, July 15, 2016

නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි.. ( Truecaller )


ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..

අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයූගය දක්වනවා..

Spam  ඇමතුම් හදුනා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.. ලංකාවෙත් 30 000 කට අදික Spam දුරකතන අංක මේ Apps එකෙන් හදුනාගෙන තියෙනවා..

මේකෙන් ලැබෙන සේවාවන් ගැන පහළ තියෙනවා..

  • Caller ID - මගින් ඇමතුම ලැබෙන අංකය ඔබේ Contacts වල නැති උනත් පුද්ගලයාව හදුනා ගැනීමේ හැකියාව..
  • Block - මේ මගින් කරදරකාරී අංක අවහිර කිරීමේ හැකියාව..
  • Search - මේ මගින් ලොව ඕඅනෑම දුරකතන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයාගත හැකි වීම..

ඉතින් එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා මෙතනින් බාගන්න...
IOS සදහා මෙතනින් බාගන්න..
Windows Mobile සදහා මෙතනින් බාගන්න...


ඔබ ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඔබේ දුරකතනයේ Web Browser එක හරහා මෙතනින් ගිහීන් එම සේවාව ලබාගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්න එපා...


Tuesday, June 28, 2016

නොදන්න, අමතක වෙච්ච Password Recovery කරගමු..


ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් කනපිටමාට් අපි අදත් අරගෙන ආවා.. ඉතින් අපි හැමෝටම වගේ අපිම දාපු මුරපද අමතක වෙච්ච අවස්ථා තියෙනවනේ.. ඔන්න ඉතින් අද දෙන්නෙ අමතක වෙච්ච Password ආයෙත් Recovery කරගන්න පුලුවන් හොද මෘදුකාංගයක්...




අපි බලමු මේකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියලා.. 


  • MS Word, Exel, PowerPoint, Outlook වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • PDF වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • Zip / Rar File වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • Access Data Base Password Recovery කරන්න..
  • Windows Administrator / User Password Remove කරන්න..

ඉතින් ඔන්න ඔය වගේ වටින කියන වැඩ ටිකක් මේකෙ තියෙනවා.. 


ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7P5Eqb

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේවල් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. 



Wednesday, June 22, 2016

පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යනවද ? තත්පර 30 කින් වේගවත් කරමුද ..


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..

ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න.. 

  • මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් msconfig කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න..
  • දැන් Timeout කියන තැන තියෙන 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න..

ඒ වගේම ඔයාගෙ පරිගණකය Boot වෙන්න වෙලා යන්න තවත් හේතුවක් තමයි Startup Programme වැඩි වීම.. Startup කියන Tab එකට ගිහින් අනවශ්‍ය Startup Programme වල Tic එක අයින් කරන්න.. නැත්නම් Task Manager එකෙන් අනවශ්‍ය Startup Programme Disable කරත් ඇති..



මේ දේවල් කරලා පරිගණකය Start වීමට ගත වන කාලය අඩු කරල දෙන මෘදුකාංගයක් ඔන්න පහළ තියෙනවා.. ඒකත් දාගෙනම බලන්නකෝ...


Boot Racer

ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි වෙයි..



දැන් Restart කරලා බලන්නකෝ..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, June 15, 2016

දැක්කම ආස හිතෙන Video Wallpaper සෙට් එකක් ඔබේ පරිගණකයටත්...



ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන Post එකකුත් අරන් තමයි ආවේ වෙනද වගේම.. අපි හැමෝම කැමතියිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අද කියන්නේ ඔබේ පරිගණකයේ Wallpaper එක විදියට තමන් කැමති වීඩියෝ එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඉතින් මේ මෘදුකාංගයෙන් අපි කැමති වීඩියෝ එකක් තමන්ගේ පරිගණකයේ Wallpaper  එක විදියට දාගන්න පුලුවන්.. ඔය උඩ තියෙන Photo එක දැක්කම පේනවනේ ලස්සන..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7N0tG4

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් ඔය අපි දාලා තියෙන Wallpaper ඔයාලට පහළින් බාගන්න පුලුවන්..

 

මේ වගේ තවත් Wallpaper ගොඩක් ඔයාට මෙතනින් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, June 10, 2016

Android දුරකතනයේ SMS / Contact Recovery කරමු...


ඔන්න අද ඔබේ Smart Phone භාවිතා කරන ඔයාලට වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. දන්නවනේ ඉතින් හදිස්සියට Phone එක Reset කලොත්, නැත්නම් Contact Numbers, SMS ටික Delete කලොත් ආයෙත් හදිස්සියකට ගන්න බැරි බව.. ඉතින් දැන් Phone එකේ Contact නැති උනා කියලා, නැත්නම් SMS Delete උනා කියලා අඩන්න ඕනි නෑ..

 

ඔන්න අද අපි දෙන මෘදුකාංගයෙන් ඔබේ දුරකතනයේ Contact, SMS විතරක් නෙමේ Photo, Video, Apps උනත් Recovery කරගන්න පුලුවන්..

එහෙනම් ඉතින් මේ වටින කියන මෘදුකාංගය Download කරගෙන ඔබේ පරිගණකයට Install කරගන්න, දැන් Data Cabel එකක් හරහා පරිගණකයට Connect කරලා ඕනි ඕනි විදියට recovery කරගන්න..

ඔන්න මෘදුකාංගය පහළින් බාගන්න..



http://linkshrink.net/7ZordZ

Crack එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...



Tuesday, June 7, 2016

හාඩ් ඩිස්ක් එක සුද්ද කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.. ( Winmend Disk Cleaner )


ඔන්න අදත් තවත් අලුත් මෘදුකාංගයක් අරන් ආවා..  ඉතින් මේක සුපිරි Disk Cleaner වැඩසටහනක්.. Winmend ආයතනයෙන් තමායි නිර්මානය කරලා තියෙන්නේ.. Winmend වැඩ ගැන කියන්න ඕනි නැහැනේ, මොකද මීට කලිනුත් අපි Winmend වැඩසටහන් කිහිපයක්ම දුන්නනේ..

අද දෙන Winmend Disk Cleaner වැඩසටහන මගින් අපේ පරිගණකයේ Hard Disk එකේ තියෙන අපිට අනවශ්‍ය File ඉබේම මකල දාන්න පුලුවන්.. විශේෂයෙන්ම අපේ Hard Dsk එකේ C: Drive එකේ අපිට නොපෙනී නිර්මානය වෙලා තියෙන Cache, Bin, tmp වැනි Temporary File මේ මගින් ඉවත් කරලා ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..



Wednesday, May 18, 2016

Write Protect වැඩුන Pen / Chip වලට බෙහෙත...



ඔන්න අද කියන්න යන්නේ අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන දෙයක් ගැන.. ගොඩක් අයට තමන්ගේ චිප් එක, එහෙමත් නැත්නම් Pen Drive එක භාවිතයෙන් ඉවත් කරන්න උනා මේ Write Protect වැටීම නිසා.. ඉතින් කොහොමද Write Protect වැ‍ටුන Chip / Pen Format කරන්නේ කියලා අපි කියලා දෙන්නම්..  මේකෙන් ගොඩක් වෙලාවට දැඩි ලෙස  Physically Damage නැති Pen / Chip ගොඩ දාගන්න පුලුවන්..

ඉතින් මේකට අපි මොනවත් Software භාවිතා කාරන්නෙ නෑ.. Windows Registry Edit කරලම තමයි හදාගන්නේ..


  • මුලින්ම Win Key + R ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් regedit කියලා Type කරලා Enter කරන්න..
  • දැන් පහත Path එකේ යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies

දැන් WriteProtect කියන එක උඩ Double Click කරලා Value එක 0 කරලා OK කරලා ඔබේ පරිගණකය Restart කරගන්න..

දැන් ඔයාට Format කරගන්න ඕනි Chip එක Pen එක සම්බන්ධ කරලා Format කරලා බලන්න.. බොහෝ දුරට හරියයි..

 
StorageDevicePolicies කියන එක නැත්නම් මොකද කරන්නේ..

එහෙනම් මෙන්න මේ Path එකට යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Right Click කරලා New Key වලින් DWORD ‍තෝරන්න..
  • ඔයාගෙ OS එක අනුව 32 Bit ද 64 Bit ද කියලා ‍තෝරගන්න..
  • දැන් Name එක විදියට WriteProtect කියලා දෙන්න..
  • Value එක 0 දීලා OK කරලා පරිගණකය Reboot කරන්න.. එච්චරයි..

මේක ටිකක් පැටලෙන වැඩක්.. ඔය පහළ වීඩියෝ එක බලන්නකෝ.. එතකොට මේ වැඩේ කරන හැටි පැහැදිලි වෙයි.. 



 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..