ඔන්න තවත් වැදගත් එකක් අරන් ආවා කස්ටියට.අපි මෙහෙම හිතමුකො.ඔයා යවපු එකක් වැරදිලා වෙන කෙනෙක්ට උනා කියල.දැන් කොහොමඩ මේක නවත්වන්නෙ.මාරම අව්ලක් තමයි.
ඔන්න ඒකට සාර්තක විසදුමක් ගෙනාවා අද.අපි බලමු ඒ කොහොමද කියලා
- මුලින්ම ඔයාගෙ Gmail ගිනුමට Log වෙන්න.ඊලගට Settings කියන Tab එකට යන්නකො.
- දැන් ඒක ඇතුලේ තියෙන settings Click කරන්න.
- ඊලගට settings පිටුවේ තියෙන "Labs" කියන කොටසට යන්න.
- දැන් Labs පිටුවේ පහලට ගිය විට Undo Send (by Yuzo F) කියලා කොටසක් දකින්න ලැබෙයි.එය Enable කර save changes ක්ලික් කරන්න.
- ඊලගට Enable Undo Send කියන එක Tic කරල Drop Down එක ඔබල එතන අගය 20 හො 30 විදියට දෙන්න.
- ඊලගට ඔබ අලුත් email එකක් send කල විට Undo කියලා කොටසක් දකින්න ලැබෙයි.
මතකද අපි Drop Down එක ඔබල එතන අගය 20 හො 30 විදියට දුන්න.අන්න ඒ වෙලාව තමයි මේ කියන Undo Button එක අපිට දකින්න පුලුවන් වෙන්නෙ. ඒ කිව්වෙ Undo කොටස තියෙන්න email එකක් send කරලා ඔයා අතන දීපු තත්පර ගාන තමයි.නැත්නම් ඉතින් සොරිම තමයි.