Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 12, 2014

Youtube එකෙන් English ඉගෙනගන්න


Mr.Duncan in England:-
ඉංග්‍රීසි කියන්නේ ලංකාවේ අය වගේම වෙන රටවල් වල අයත් ඉගෙනගන්න උත්සහ කරන භාෂාවක්.මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් වාසි ගොඩයි.ඉංග්‍රීසි හරියට පුළුවන්වීම Internet එකෙන් තොරතුරක් ලබාගැනීම වුනත් ගොඩාක් පහසු කරනවා.ඔයාලත් Internet එකෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න Try කරානම් ඔයාලටත් අනිවාර්‍යයෙන්ම Youtube එකේ ඉංග්‍රීසි උගන්වන Mr.Duncan ව මුනගැහිලා ඇති. මෙයා කියන විදිහටනන් මෙයා තමයි Youtube එකේ පළවෙනිම English Teacher.
මෙයාගෙ එක Video එකක් විනාඩි 15 නැත්නම් එයිටත් අඩුයි. ඒත්  ඒ එක Video එකකින් ගන්න තියන දේවල් ගොඩයි.ඉංග්‍රීසියෙන් ඉගැන්නුවට සරල ඉංග්‍රීසියෙන් උගන්වන නිසා තේරුම් ගන්න අමාරු නැහැ.අහලා තේරුම් ගන්න අමාරුයි වගේනම් කියවලා තේරුම් ගන්න English Subtitles පහලින් යනවා.

මේ විනාඩි 15 හෝ එයිට අඩු කාලය තුල වුවත් කම්මැලි කමක් නොදැනෙන විදිහට දිගටම පාඩම කරන්න Mr.Duncan එක එක දේවල් කරනවා.ඒ වගේම තමයි මේ පාඩම් මාලාවෙදි Spoken Englishමෙන්ම Grammar  එහෙමත් ආවරණය කරන්නMr.Duncan අමතක කරන්නේ නැහැ.ඔයාලත් පොඩ්ඩක් ගිහින් බලන්න.හැබැයි මේ පළවෙනි Video එකේදි වගේ නෙවෙයි අග Video වලට යනකොට Views සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුයි.ඒ ඉගැන්වීමේ අඩුවක් නෙවෙයි කට්ටිය එක දිගට Videos  බලන්නේ නැති අඩුවක්.ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්න.


Special Thanks http://softhut.lk/