Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 27, 2015

ඕනෙම Font එකකින් Singlish විදියට ටයිප් කරන්න Zsri Lanka..



මතක ඇතිනේ අපි මීට කලින් සිංග්ලිෂ් විදියට Type කරන්න පැන්සල, LankaMag වගේ මෘදුකාංග ඔයාලට දුන්නා. අද දෙන්න යන්නෙත් ඒ වගේ තවත් මෘදුකාංගයක්. මේකෙ විශේෂත්වය වෙන්නේ අපිට කැනති Font එකක් මේ තුළින්ම ‍තෝරගෙන සිංග්ලිෂ් ක්‍රමේට ටයිප් කරන්න පුලුවන් වීම..

උදාහරණයක් විදියට අපිට Word වල FM Abhaya Font එකෙන් මොනවා හරි Type කරන්න ඕනි කියල හිතමු.. ඉතින් ඒ සදහා අපි සිංහල යතුරු පුවරුව හරියට දැනගන්න ඕනි, නැත්නම් වැඩේ අමාරුයි.. ඉතින් ඒ වගේ වෙලාවට තමයි මේක වටින්නේ.. අපි කරන්නෙ මේ මෘදුකාංගය Open කරලා Font එක විදියට FM Abhaya Font එක ‍තෝරලා සිංග්ලිෂ් ක්‍රමේට Type කරන එකයි.. ඉතින් වැඩේ හරිම ලේසියි. තවත් පැහැදිලි වෙන්න ඔය පහළ තියෙන වීඩියෝ එකත් බලන්නකෝ..

ඉතින් ඔයාට මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙයි. එහෙනම් පහළ Link එකෙන් බාගන්න..

Zsri lanka Sinhala Pack

වෙනද වගේම අදත් අපේ Post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. එහෙනම් ඉතින් Comment එකක් එහෙම දාල යාලුවන්ටත් බලන්න Share කරලා යන්න.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..


Thursday, February 26, 2015

Fat 32 තියෙන Pen එකක් Format නොකර NTFS කරමු..



ඔන්න අදත් අපේ යාලුවන්ට වැදගත් වෙන Post කෑල්ලක් දෙන්න තමයි හිතුවේ. අද කියන්න යන්නේ Fat 32 File System එකෙන් තියෙන Pen Drive එකක් කොහොමද Format නොකර NTFS වලට මාරු කරගන්නෙ කියලා..

ඉතින් සමහරු බලනවා ඇති මෙ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි Pen Drive එකක් පරිගණකයට සම්බන්ධ කරලා Format කරනකොට අපෙන් අහනවා මොන File System එක යටතෙද Format කරන්න ඕනි කියලා.. ඉතින් ඒකෙදි භාවිතා වෙන ප්‍රධානම File System දෙක තමයි Fat32 හා NTFS කියන්නේ.

ඉතින් අපි ඇයි මේ File System Type දෙක මාරු කරන්නේ

ඕනිම Pen Drive එකක් Default ( සමාන්‍යයෙන් තියෙන්නේ ) FAT32 විදියට. ඉතින් අපි හිතමු අපි ලග තියෙන්නෙ 8GB Pen එකක් කියලා. ඉතින් අපිට මේ Pen එකට 4GB වලට වඩා වැඩි File එකක් දාන්න ඕනිනම් FAT32 File System එක යටතේ දාන්න බෑ. ඒ සදහා Pen එක NTFS කරගන්න ඕනි. ඒ වගේම Bootable Pen Drive එකක් හදාගන්න ඕනි නම් ඒත් NTFS කරගන්න ඕනි..

ඔන්න ඔය වගේ වැඩ ගොඩක් නිසා අපිට මේ NTFS File System එක වැදගත් වෙනවා. ඉතින් අපේ Pen Drive එක තුල තියෙන Data  අරක්ෂා කරගනිමින් Pen එක Format නොකර මේ වැඩේ කරගන්න විදියයි පහත තියෙන්නේ..
  • මේ සදහා අපි භාවිතා කරන්නෙ Command Prompt එක.
  • ඔයාගෙ Pen එක ගහලා chkdsk_H:_/f කියලා ගහලා Enter කරන්න. ( මෙතනදි H වෙනුවට ඔයාගෙ Pen Drive එකේ Letter එක දෙන්න.)
  • එතකොට ඔයාගෙ Pen එක Size එක වගේම Use කරල තියෙන ප්‍රමාණයත් පෙන්නයි.
  • දැන් Convert_H:_/FS:NTFS කියලා ගහලා Enter කරන්න. ( මෙතනදි H වෙනුවට ඔයාගෙ Pen Drive එකේ Letter එක දෙන්න.)
  • දැන් ටිකකින් බලන්න ඔයගෙ Pen Drive එකේ File System එකත් NTFS වලට මාරුවෙලා ඇති.

තවත් පැහැදිලි වෙන්න අපි පොඩි වීඩියෝ එකකුත් හැදුවා. එහෙනම් Video එක බලලා වැඩේ ගොඩ දාගන්නකො..

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. හැමදාම වගේ පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි. ‍රැදී සිටින්න අපි සමගින්..


Tuesday, February 24, 2015

ඇන්ඩ්‍රොයිඩ් සදහා සුපිරිම Go launcher අලුත්ම එක...



ඔන්න අදත් Post එක අපේ Android යාලුවො වෙනුවෙන් ලියන්න හිතුනා.. මතක ඇතිනේ අපි මීට කලින් Go Launcher එක දුන්නා.. ඉතින් අද දෙන්නේ මේකෙ අලුත්ම Update එක.. පට්ටම වැඩ ටිකක් තියෙනවා..

Go Launcher ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ කියලා හිතනවා. මොකද නොදන්න කෙනෙක් නැහැනේ.. සරලව කියනවනම් මේකෙන් ඔයාගේ Phone එකේ වැඩ කරන විදිය කනපිටගහන්න පුලුවන්.. සුපිරි Themes එකක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Go launcher

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...


Sunday, February 22, 2015

උතුර දකුණ හොයන්න ඔන්න සුපිරි Compass එකක්..



ඔන්න අදත් අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් Post එකක් ලියන්න හිතුවා.. උඩ තියෙන Topic එක දැක්කම ඉතින් Post එක ගැන මහ ලොකුවට කියන්න දෙයක් නැහැනේ.. 




අද දෙන්න හිතුවෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙනුවෙන් නිර්මානය උන සුපිරිම Compass එකක්..

ඔන්න එහෙනම් පහළින් Download කරගන්නකෝ..

Compass

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු. ‍රැදී සිටින්න අපි සමග. වින්ඩෝස් ගැන, ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම තවත් ගොඩක් දේවල් අපෙන් විතරයි...


Saturday, February 21, 2015

uTorrent එකේ තියෙන Ads ටික අයින් කරල දාමුද ?



අපේ යාලුවො හැමදෙනාම වගේ භාවිතා කරන සුපිරි මෘදුකාංගයක්නේ uTorrent කියන්නේ. ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් අපි හිතුව මේකෙ තියෙන කරදරකාරී Ads ටික අයින් කරන්නෙ කොහොමද කියලා ඔයාලට කියන්න.. මොකද එතකොට අපේ Data ටිකත් ඉතුරුයි නේ..

ඉතින් මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා හොදටම පැහැදිලි වෙන්න ඔන්න අපි පුංචි වීඩියෝ එකක් නිර්මානය කලා.. ඔන්න ඒක පහළ තියෙනවා.. ඒක බලාගත්තනම් ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්..

ඉතින් තාමත් ඔයාල ලග uTorrent එක නැත්නම් මෙතනින් බාගන්න..



එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ඉතින් මේ ගැන Comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගනක ගැන හොදම දේ අපෙන් විතරයි..


Friday, February 20, 2015

Software මොනවත් නැතිව ගිනි නරියට ගිනි වේගයක් ( Speed Up Firefox )



ඔන්න අද Post එකෙන් කියල දෙන්න යන්නේ කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර කොහොමද Firefox Browser එකේ Browsing Speed එක වැඩි කරගන්නෙ කියලා. ඉතින් මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා අපි වීඩියෝ එකකුත් හැදුවා.. ඔන්න ඒක පහළ තියෙනවා..

මේ වැඩේ කරන්නෙ මෙහෙමයි..
  • ඔයාගෙ Firefox Browser එකේ Address Bar එකේ about:config කියල ගහලා Enter කරන්න.
  • දැන් I'll be careful, I Promise කියන එක ඔබන්න.
  • දැන් උඩ තියෙන Search Bar එකේ pipelining කියල Search කරන්න.
  • දැන් network.http.pipelining කියන එක True කරන්න.
  • ඊළගට network.http.pipelining.ssl හා network.http.proxy.pipeling කියන දෙකම True කරන්න.
  • දැන් ඔය List එකේ තියෙන network.http.pipelining.maxreqests කියන එක 32 කරන්න.. තියෙන්නෙ 32 කම නම් අව්ලක් නෑ.
  • ඔයටික කරල Browser එක Close කරලා අයෙත් Open කරලා බලන්න..

ඔයාට Firefox අලුත්ම එක ඕනි නම් පහළින් බාගන්න..

Firefox 36.0.10

ඉතින් ඔන්න අපි වැඩේ කරන විදිය කියල දුන්නා.. Video එකෙත් තියෙනවා බොහොම පැහැදිලිව. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්..


Thursday, February 19, 2015

ඔයාගෙ Android Phone එකෙන් Live World Cup එක බලන්න නියම Apps එකක්...


මේ දවස් වල ඉතින් හැමෝගෙම කටේ තියෙන්නේ ක්‍රිකට් නේ.. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා Match එක බලන්න විදියක් හොයල දෙන්න කියලා.. ඉතින් ඒ නිසා ඔයාගෙ පරිගණකයෙන් Live Match එක බලන්න පුලුවන් Banner එකක් අපි Blog එකේ දැම්මා.. ඒක Click කරලා ඕනි කෙනෙකුට පරිගණකයෙන් Match එක බලන්න පුලුවන්..

ඉතින් ඒ වැඩේට Data ටිකක් වැඩිපුර යනවනේ.. ඉතින් ඒක නිසා අපි හිතුව Android Phone එකෙනුත් Match එක බලන්න Apps එකක් දෙන්න.. එතකොට Data කැපෙනවත් අඩුයිනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න Apps එක...

Cricket World Cup 2015 Apps
 
ඉතින් මේ Post එක මේ ඩවස් වල අපේ යාලුවන්ට ගොඩක් වටියි.. මොකද කොතන හිටියත් ගාණට Match එක බලන්න පුලුවන් නේ... ඉතින් එහෙනම් Comment එකක් එහෙමත් දාලම යන්න.. 


Wednesday, February 18, 2015

Download කරන්න කලින් Torrent Video එක කොහොමද කියල Play කරල බලමු...



අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් ගොඩක් වැදගත් වෙන Post එකක්.. අපි කාට කාටත් ඕනි තරම් Torrent File මුනගැහිලා තියෙනව නේ.. අද කියල දෙන්න හිතුවෙ අන්තර්ජාලයේදී අපිට හමුවන Torrent Video බලන විදිය..

දැන් ඉතින් අලුතෙන් එන ගොඩක් Film එහෙම මුදාහරින්නේ ටොරන්ට් File විදියට නේ.. ඉතින් Download කරන්න හෙන කට්ටක් කන්න ඕනි.. කට්ටකාලා ගත්තම තමයි දන්නෙ බලන්නවත් හිතෙන්නෙ නැති Camera Copy එකක් කියලා.. මටත් ඔය වැඩේ අනන්තවත් වෙලා තියෙනවා.. ඉතින් මම මේකට විසදුමක් හෙව්වා.. ඔන්න හමු උනා නියම විසදුමක්..

මුළින්ම පහළින් බාගෙන ඉන්න..

Rox Player
දැන් ඔයාගෙ පරිගණකයට මේ මෘදුකාංගය Install කරල ඔයා Download කරන්න යන Torrent File එක හරි නැත්නම් ඒකෙ Magnet Link එක හරි දුන්නම මේ මෘදුකාංගය හරහා එම Video එක Play වෙනවා.. ඉතින් කිසි කරදරයක් නෑ..
 
ඔන්න ඉතින් මේ වැඩේ කරන්න කොහොමද කියලා අපි පොඩි Video එකක් හැදුවා.. ඒක බැලුවනම් වැඩේ වෙන විදිය හොදටම පැහැදිලි වෙයි..


ඒ වගේම තවත් විශේෂ වාසියක් වෙන්නේ අපිට Subtitle File එකත් දාල මේකෙන් වීඩියෝ එක Download කරන්න කලින් බලන්න පුලුවන්.. එතකොට ඉතින් අදාල Subtitle ගොනුවට ගැලපෙන Video එක බාගන්නත් ලේසියි.. නැත්නම් සමහර ඒවයෙ Film එක ඉවර උනාමනේ උපසි‍රැසි යන්නේ..

එහෙනම් ඉතින් අපේ Post එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. එහෙනම් ඒ ගැන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා... තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..

Tuesday, February 17, 2015

KMP Player එකේ එන කරදරකාරී Advertisement නවත්වමු.... ( වීඩියෝ සහිතයි )



අදත් අපි ඔයාලට තිබුන ලොකු කරදරයකට විසදුම් දෙන්න තමයි හිතුවේ... ඒ තමයි KM Player එකේ එන කරදරකාරී Advertisement අයින් කරන හැටි.. KM Player එක හැමෝම Use කරන නිසා මේක හැමෝටම වැදගත් වෙයි. ඒ වගේම හැමෝටම ඔය පහළ තියෙනව වගේ Advertisement වලින් කරදර විදලත් ඇති..

ඔයාලග KMPlayer එක නැත්නම් අලුත්ම එක මෙතනින් ගන්න


අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.. මේකට මොනවත් Software ඕනි වෙන්නෙ නෑ..එහෙනම් පහළ තියෙන විදියට වැඩේ කරගන්නයි තියෙන්නේ.. මේක තවත් පහසු වෙන්නයි අපි වීඩියෝ එකක් හැදුවෙ.. එහෙනම් ඒක පහළින් බලන්න..


එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හැමදාමත් ඔයාට කනපිටමාට් වෙතින් පමණයි...

Monday, February 16, 2015

හැම මගුලම Play කරන්න, යන යන තැන අරන් යන්න VLC Portable...



VLC කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ.. VLC කියන්නේ ඕනෑම පරිගණක භාවිතා කරන්නෙක් සතුව තියෙන ඒ වගේම ඕනිම Video Format එකක් Play කරන්න පුලුවන් නියම Player එකක්.. 

ඉතින් අපි අද දෙන්න හිතුවෙ නිකන්ම VLC Player එක නෙමෙයි.. ඔයාට පරිගණකයට Install නොකර භාවිතා කරන්න පුලුවන්, ඒ වගේම ඔයාට Pen Drive එකක දාගෙන ගිහින් උනත් වෙනත් ඕනෑම පරිගණකයක ක්‍රියාත්මක කරන්න පුලුවන් Portable Virsion එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 VLC Portable


Install කිරිලි මොනවත්ම ඕනි නෑ.. නිකන්ම Double Click කරල Open කරගන්න විතරයි තියෙන්නේ.. එහෙනම් ඉතින් අපි ගියා.. Comment එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා..


Android Lollipop Key Board එක ඔයාලත් අපෙන්...



අපේ Android යාලුවන්ට තවත් පට්ට වටින  කියන Apps එකක් තමයි දෙන්න හිතුවේ.. අපේ යාලුවො දන්නවත් ඇතිනේ අලුතින්ම නිකුත් කරපු ඇන්ඩ්‍රොයිඩ් 5.0 සංස්කරණය නම් කලේ Lollipop කියලනේ.. 



ඉතින් මේ  ලොලිපොප් සංස්කරණය තුල ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා.. මේ සංස්කරණය සමග එන Keyboard එක තමයි මේ දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

 Lolli Pop Key Board


මෙම Key Board එකත් එක්ක World Suggestion සේවාව ගොඩක් දියුණු කරලා තියෙනවා. ඒක නිසා තවත් ලේසියි දාගෙන බලන්නකෝ.. Apps එක Install කරලා Keyboard එක විදියට Lollipop Key Board එක ‍තෝරන්න ඕනි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. Comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.. අලුත්ම දේවල් අලුතින්ම දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


Saturday, February 14, 2015

Phone එක Backup / Restore කරන්න File Transfer කරන්න හොදම මෘදුකාංගයක් ඔබේ පරිගණකයටත්..



අපේ යාලුවන්ට වැදගත් වෙන Post එකක් තමයි අදත් ලියන්න හිතුවේ.. මේක සරළව PC Suite එකක් කිවුවොත් නිවැරදියි.. ඉතින් අපි අද දෙන මේ මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරලා ඔබගේ දුරකථනය හා සම්බන්ධ වැඩ කටයුතු රාශියක් කරගන්න පුලුවන්....

ඒ අතර ඔයාගෙ Phone එක හා තවත් දුරකථනයක් අතර File Share කරන්න. ඔබේ දුරකථනයේ Contact, Message, Apps, Photo ආදී බොහෝ දේ ඔබේ පරිගණකයට Backup කරන්න... ඒ වගේම ආයෙත් Restore කරගන්න... ඔයාගේ දුරකථනයේ තියෙන Old Data Erase කරන්න වගේ තව වැඩ ගොඩයි...

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Mobile Trans

ඉතින් මෘදුකාංගය Install කරලා Data Cable එක හරහා Phone එක Connect කරලා බලන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ අපෙන් විතරයි..


Friday, February 13, 2015

Audio CD එකක ගීත MP3 විදියට ගන්න පහසුම ක්‍රමයක්...



අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු මෘදුකාංගයක් තමයි අදත් දෙන්න හිතුවේ. ගොඩක් අයට තිබුනු ගැටලුවක් තමයි Audio CD එකක තියෙන ගීත Copy කලාට සම්පූර්ණ MP3 ගොණුවම Copy නොවීම,,

ඉතින් මේ සදහා නිකම්ම CD එක Copy කරලා හරියන්නෙ නෑ.. මේ සදහා අපි CD Rip මෘදුකාංගයක් භාවිතා කල යුතුයි...

ඉතින් එහෙනම් පහළින් බාගන්නකෝ..

 Audio Rip


දැන් මෘදුකාංගය Install කරලා ඒ හරහා ඔයාගෙ CD එක Rip කරගන්න..එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..


Thursday, February 12, 2015

Browser එකේ ආරක්ෂාවට Browser Care දාගන්න...



අදත් දෙන්න යන්නේ තවත් පුංචි මෘදුකාංගයක්.. අපේ Web Browser එකේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරපු Browser Care මෘදුකාංගය.. Auslogics සමාගන තමයි මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ..

මුලින්ම බාගෙන ඉන්නකෝ..

 Browser Care


මේක Internet Explorer, Google Chome හා Firefox කියන Browser වලට තමයි සහයෝගය දක්වන්නේ.. මේකෙන් අපේ Browser එකේ තියෙන Addon, Cookies, Cache File වල තියෙන අපේ රහස් තොරතුරු ආරක්ෂා කරගන්න වගේම, ඒවා Clear කරන්නත් යොදාගන්න පුලුවන්, අහිතකර Addon ඉවත් කරගන්නත් පුලුවන්.. තව වැඩ තියෙනවා.. දාගෙනම බලන්න.. 



එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු...

Wednesday, February 11, 2015

පොඩි Image ලොකු කරන්න Image Enlarger



අද තවත් පොඩි Software කෑල්ලක් තමයි දෙන්න හිතුවේ.. මේ පොඩි මෘදුකාංගයෙන් පුලුවන් අපි සතුව තියෙන Resolution අඩු Image වල Resolution එක වැඩි කරලා හදාගන්න.. ඒ වගේම Image එකේ තියෙන Quality එක උපරිමයෙන් ආරක්ෂා කරලා ඒ වැඩේ කරල දෙන එකයි ගොඩක්ම වැදගත්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Image Enlarger


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් ඉගන ගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...