Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 26, 2015

Fat 32 තියෙන Pen එකක් Format නොකර NTFS කරමු..



ඔන්න අදත් අපේ යාලුවන්ට වැදගත් වෙන Post කෑල්ලක් දෙන්න තමයි හිතුවේ. අද කියන්න යන්නේ Fat 32 File System එකෙන් තියෙන Pen Drive එකක් කොහොමද Format නොකර NTFS වලට මාරු කරගන්නෙ කියලා..

ඉතින් සමහරු බලනවා ඇති මෙ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි Pen Drive එකක් පරිගණකයට සම්බන්ධ කරලා Format කරනකොට අපෙන් අහනවා මොන File System එක යටතෙද Format කරන්න ඕනි කියලා.. ඉතින් ඒකෙදි භාවිතා වෙන ප්‍රධානම File System දෙක තමයි Fat32 හා NTFS කියන්නේ.

ඉතින් අපි ඇයි මේ File System Type දෙක මාරු කරන්නේ

ඕනිම Pen Drive එකක් Default ( සමාන්‍යයෙන් තියෙන්නේ ) FAT32 විදියට. ඉතින් අපි හිතමු අපි ලග තියෙන්නෙ 8GB Pen එකක් කියලා. ඉතින් අපිට මේ Pen එකට 4GB වලට වඩා වැඩි File එකක් දාන්න ඕනිනම් FAT32 File System එක යටතේ දාන්න බෑ. ඒ සදහා Pen එක NTFS කරගන්න ඕනි. ඒ වගේම Bootable Pen Drive එකක් හදාගන්න ඕනි නම් ඒත් NTFS කරගන්න ඕනි..

ඔන්න ඔය වගේ වැඩ ගොඩක් නිසා අපිට මේ NTFS File System එක වැදගත් වෙනවා. ඉතින් අපේ Pen Drive එක තුල තියෙන Data  අරක්ෂා කරගනිමින් Pen එක Format නොකර මේ වැඩේ කරගන්න විදියයි පහත තියෙන්නේ..
  • මේ සදහා අපි භාවිතා කරන්නෙ Command Prompt එක.
  • ඔයාගෙ Pen එක ගහලා chkdsk_H:_/f කියලා ගහලා Enter කරන්න. ( මෙතනදි H වෙනුවට ඔයාගෙ Pen Drive එකේ Letter එක දෙන්න.)
  • එතකොට ඔයාගෙ Pen එක Size එක වගේම Use කරල තියෙන ප්‍රමාණයත් පෙන්නයි.
  • දැන් Convert_H:_/FS:NTFS කියලා ගහලා Enter කරන්න. ( මෙතනදි H වෙනුවට ඔයාගෙ Pen Drive එකේ Letter එක දෙන්න.)
  • දැන් ටිකකින් බලන්න ඔයගෙ Pen Drive එකේ File System එකත් NTFS වලට මාරුවෙලා ඇති.

තවත් පැහැදිලි වෙන්න අපි පොඩි වීඩියෝ එකකුත් හැදුවා. එහෙනම් Video එක බලලා වැඩේ ගොඩ දාගන්නකො..

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. හැමදාම වගේ පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි. ‍රැදී සිටින්න අපි සමගින්..