Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, February 18, 2015

Download කරන්න කලින් Torrent Video එක කොහොමද කියල Play කරල බලමු...



අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් ගොඩක් වැදගත් වෙන Post එකක්.. අපි කාට කාටත් ඕනි තරම් Torrent File මුනගැහිලා තියෙනව නේ.. අද කියල දෙන්න හිතුවෙ අන්තර්ජාලයේදී අපිට හමුවන Torrent Video බලන විදිය..

දැන් ඉතින් අලුතෙන් එන ගොඩක් Film එහෙම මුදාහරින්නේ ටොරන්ට් File විදියට නේ.. ඉතින් Download කරන්න හෙන කට්ටක් කන්න ඕනි.. කට්ටකාලා ගත්තම තමයි දන්නෙ බලන්නවත් හිතෙන්නෙ නැති Camera Copy එකක් කියලා.. මටත් ඔය වැඩේ අනන්තවත් වෙලා තියෙනවා.. ඉතින් මම මේකට විසදුමක් හෙව්වා.. ඔන්න හමු උනා නියම විසදුමක්..

මුළින්ම පහළින් බාගෙන ඉන්න..

Rox Player
දැන් ඔයාගෙ පරිගණකයට මේ මෘදුකාංගය Install කරල ඔයා Download කරන්න යන Torrent File එක හරි නැත්නම් ඒකෙ Magnet Link එක හරි දුන්නම මේ මෘදුකාංගය හරහා එම Video එක Play වෙනවා.. ඉතින් කිසි කරදරයක් නෑ..
 
ඔන්න ඉතින් මේ වැඩේ කරන්න කොහොමද කියලා අපි පොඩි Video එකක් හැදුවා.. ඒක බැලුවනම් වැඩේ වෙන විදිය හොදටම පැහැදිලි වෙයි..


ඒ වගේම තවත් විශේෂ වාසියක් වෙන්නේ අපිට Subtitle File එකත් දාල මේකෙන් වීඩියෝ එක Download කරන්න කලින් බලන්න පුලුවන්.. එතකොට ඉතින් අදාල Subtitle ගොනුවට ගැලපෙන Video එක බාගන්නත් ලේසියි.. නැත්නම් සමහර ඒවයෙ Film එක ඉවර උනාමනේ උපසි‍රැසි යන්නේ..

එහෙනම් ඉතින් අපේ Post එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. එහෙනම් ඒ ගැන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා... තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..