Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 6, 2015

එක Click එකෙන් Monitor එක Off කරමු.. ( Turn Off Monitor )



ඔන්න අදත් තවත් වටින පුංචි Software එකක් තමයි අපි දෙන්න හිතුවේ.. පුංචි උනාට මේක අපිට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්.. 

අපි පරිගණකය ලග නැති වෙලාවට අපි Monitor එක Turn Off වෙන්න විනාඩි ගාණක් දීල අපේ පරිගනකයේ Settings හදලනේ තියෙන්නේ.. හිතන්න අපි ඒක විනාඩියකට පස්සෙ Turn Off වෙන්න දීල තිබුනොත් අපි ලග හිටීයත් විනාඩියකින් මොනිටර් එක Off වෙනවා.. සමහර වෙලාවට මේක කරදරයි.. ඉතින් අපි කරන්නේ Turn Off Monitor Time එක වැඩි කරනවා විනාඩි 15 කට විතර.. එතකොට අපි ලග නොහිටියත් විනාඩි 15 ක් Monitor එක වැඩ.. 

ඉතින් මේ ගැටලුවට අපි දෙන Software එක හොද විසදුමක්.. මුළින්ම පහළින් බාගෙන ඉන්නකෝ..

 Turn Off Monitor


ඕක Install කලාම Desktop එකට එනවා Turn Off Monitor Shortcut එක.. ඒක Click කල ගමන් Monitor එක Off වෙනවා.. ඉතින් අපි පරිගණකය ලගින් ඉවත් වෙනකොට ලේසියෙන්ම මොනිටර් එක Off කරලා යන්න පුලුවන්.. වැඩේ තවත් ලේසි වෙන්න Key board Shortcut Key එකකුත් දාගන්න..  එතකොට ඉතින් Shortcut Key එක Press කරන්න විතරයි ඕනි..

මීට අමතරව තවත් Shortcut රාශියක් නිර්මානය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගයට තියෙනවා. ඒ අතර Shut Down, Restart, Log Off, Stand By, Eject DVD  Rom, Close All Window වැනි Shortcut රාශියක් හදාගන්න පුලුවන්..

ඉතින් පරිගණකය එක්ක වැඩ කරන හැමෝටම මේක නිසා ඉතාමත් පහසුවෙන් වැඩ ගොඩක් කරගන්න පුලුවන් වෙයි.. Post එක වැදගත් උනානම් Comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්.