Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 29, 2014

Shutdown , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු....



ඔන්න අදත් තවත් වැඩගත් වෙන වැඩක් තමෛ කියන්න යන්නේ. කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන Windows වැඩ ටික Desktop එකේම  ඉදන් කරගන්න පුලුවන් උනනම්.. ඔන්න එහෙනම් පහල තියෙනව කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන ඒවයෙ Desktop Shortcut හදා ගන්නෙ කියල. හරි ලේසියි..

මුලින්ම ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එක Shortcut එකක් හදල ඉවරවෙලා අනික හදන්න. ඔය නිල් පාටට තියෙන කො‍ටුව ඇතුලෙ තියෙන Code එක විතරක් Copy කරගන්න.


  • Shutdown -  Shutdown.exe -s -t 00
  • Restart  -  Shutdown.exe -r -t 00 
  • Lock  -  Rundll32.exe User32.dll,LockWorkStation 
  • Sleep - rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0 
  • Hibernate  - rundll32.exe PowrProf.dll,SetSuspendState

ඔය කහපාටින් තියෙන Code එක විතරක් Copy කරගන්න.

නැත්නම් ඔන්න ඔය ටික Text File එකක් විඩියට තියෙනව, 02 KB තියෙන්නෙ, පහළින් බා ගන්න....



එක Code එකක් Copy කරගෙන ඉවර වෙලා Desktop එකේ Right Click කරල New ------- Shortcut කියන එක Click කරන්න.



දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් එයි. ඔයා Copy කරගත්ත Code එක ඔය රූපයේ පෙන්නල තියෙන තැනට Paste කරන්න..



එහෙනම් දැන් වැඩේ ගොඩ. Shortcut එක උඩ Double Click කරලම බලන්නකෝ.. කියන්න අමතක උනා, හැම Code එකටම වෙන වෙනම Shortcut හදන්න ඕනි.. එක Shortcut එකකින් වෙන්නෙ එක වැඩයි හොදද ? 

ඔයා හදපු Shortcut වලට icon එකක් දා ගන්න ඕනි නම් Shortcut Icon එක උඩ Right Click කරල Properties වලට යන්න. එතකොට එන Window එකේ Change Icon කියන එකෙන් කැමති Icon එකක් ‍තෝරල OK කරන්න...


Monday, April 28, 2014

IDM එකේ Fake Serial කරදරේ සදහටම නැති කරමු..( Fix IDM Fake Serial Error )



අද ඔයාලට IDM එකේ තවත් ප්‍රශ්නයකට විසදුම් දෙන්නයි යන්නෙ. ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ම IDM එක අපි Activate කළාට, සමහර වෙලාවට Fake Serial කියලා Error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා...



ඇත්තම කියනවා නම් මේ කරදරේ නිසා IDM එපා වෙනවා... හැබැයි IDM එක Full Activate කරලයි තියෙන්නේ...

මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....ඔන්න ඒක තමයි ඔයාලට අද කියල දෙන්න යන්නෙ. ඔයාලත් IDM Activate කලාට පස්සේ, මේ විදියට Fake Serial කියලා Error එකක් එනවා නම් මෙන්න මේ විදියට ගොඩ දා ගන්න.

  • මුලින් ම RUN එක open කරගන්න. (  Windows Key + R )
  • දැන් regedit කියලා type කරලා OK කරන්න.
  • දැන් Registry Editor Window එක Open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක Double Click කරන්න.
  • ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් Double Click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  • අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක Double Click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික Close කරලා දාන්න. ( ඔබට  Fake Serial කියලා Error Message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය ) 
එහෙනම් වැඩේ ගොඩ නේද ? දැන් කරදරයක් නැතුව IDM Use කරමු. ආයෙත් වැදගත් Post එකක් එක්ක හමු වෙමු......

Saturday, April 26, 2014

ඕනම Web Page එකක් PDF විදියට Save කරමුද ? ( HTML Save To PDF )



ඔන්න අදත් තව වටින Post එකක් තමයි යාලුවන්ට දෙන්න හිතුවෙ, මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයට දැනගන්න කියල දෙන්නම්... අද කියන්න යන්නෙ කොහොමද HTML Page එකක් PDF File එකක් විදියට Save කරන්නෙ කියල. එහෙම නැත්නම් අපි Net එකේ ඉදන් බලන Web Page එකක් කොහොමද PDF විදිහට Save කරන්නෙ කියල. මේකට අමුතුවෙන් Software ඕනි කරන්නෙ නෑ. අපි Use කරන Google Chome Browser එකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්.. හරි ලේසියි, එහෙනම් පහල තියෙන විදිහට වැඩේ කරගෙන යමු...


  • තමන්ට ඕනි කරන Web Page එකට Google Chome Browser එකෙන් යන්න.
  • ඊලගට ඔයාගෙ Chome එකේ දකුණු පැත්තෙ උඩ කෙලවරෙ Close Button එකට පහලින් තියෙන Button එක Click කරල ඒ යටතේ තියෙන Print කියන එක Click කරන්න. නැත්නම් Ctrl + P ඔබන්න.. ( හොයාගන්න බැරිනම් පහළ රූපය බලන්න.)



  • දැන් පහල පින්තූරයෙ තියන විදියට Destination කියන තැන තියන Change කියන බටන් එක ක්ලික් කරන්න.



  • ඊලඟට විවෘත උන වින්ඩෝ එකේ Save as PDF කියන එක උඩ ක්ලික් කරන්න.



  • හරි දැන් Save බටන් එක ක්ලික් කරන්න.




  • ඊලඟට Save කරන තැන තෝරල ෆයිල් එකට නමක් දීල Save කරන්න.


එහෙනම් වැඩේ ගොඩ නේද ? දැන් වැදගත් Page එකක් Set උනාම කරදරයක් නැතුව පස්සෙ බලන්න PDF විදියටම Save කරල තියාගන්න..

Post එක වැදගත් උනානම් Comment එකකුත් දාලම යන්න...

Wednesday, April 23, 2014

විනාඩි 10 න් Windows XP දාමුද ?




අද කියල දෙන්න යන්නෙ කොහොමඩ විනාඩි 10 ක් ඇතුලත Windows XP දා ගන්නෙ කියල. ලගදි XP OS එක Windows සමාගමෙන් නම් යල්පැන ගිය OS එකක් කියල භාවිතයෙන් අයින් කලා, ඒත් ඉතින් තවමත් ලංකාවෙ අපි භාවිතා කරන PC වලින් ගොඩක් ඒවට Windows 7 වගේ OS එකක් දාල Run කරන්න අමරුයි... ඒ අයට කරන්න වෙන්නෙ එක්කො XP ම දා ගෙන වැඩ කරන්න ඔනි, නැත්නම් PC එක අයින් කරල දාන්න ඔනි...

හරි කොහොම උනත් Windows XP දාන අයට කියන්නම් විනාඩි 10 න් XP දා ගන්න හැටි.. නැත්නම් විනාඩි 39 ක් ඉන්න වෙනවනේ. මෙහෙමයි ඒ වැඩේ ගොඩ දාන්නෙ...



  • මුලින්ම සීඩී එකෙන් ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
  • සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
  • Shift +F10     ගහන්නකො එතකොට එන Command Prompt එකේ taskmgr කියලා ටයිප් කරලා Enter කරන්න
  • දැන් Task Menager පෙනේවි 
  • දැන් Prosses Tab එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
  • එකේ රයිට් කිලික් කරලා set the Priority to Highest.... දීලා බලාගෙන ඉන්නකො කොහොදම වේගය කියලා.



එහෙනම් මම ගියා.අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න..


Monday, April 21, 2014

PDF File එකක් ගේමක් නැතුව Word වලට හරවමුද ? ( Software ඕනිම නෑ.. ) How To Convert PDF to Word




ඔන්න ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි අද දෙන්නෙ. එහෙනම් කියවලම බලන්නකෝ.......

MS Word භාවිත කරන අයනම් ඉතින් දන්නව Word File එකක් PDF File එකක් විදියට Save කරන්න නම් මොන තරම් ලේසිද කියල. ඒත් PDF විදියට තියන File එකක් ආයෙත් Word වලට හරවන්න උනොත් නම් ටිකක් අමාරු වැඩක්. ඒකට ඉතින් Software එහෙම දා ගෙන දගලන්න ඕනි..

ඉතින් දැන් කියන්නෙ කොහොමද Software එකක් නැතුව මේක ගොඩ දා ගන්නෙ කියල. හරි ලේසියි. පහළ තියෙන Site එකට යන්නකෝ...


මේකෙ Pdf,Word විතරක් නෙමෙයි ඕනෙම වර්ගයකට Convert කරන්න පුලුවන්.Audio, Video උනත්... මේ වැඩ ඔක්කොම මේ Site එකෙන් කරල දෙන්නෙ නොමිලේ

File Convert කරන්නෙ මෙන්න මෙහෙමයි.


  • ඔය Site එකට ගිහින් Step 01 එකේ තියෙන Choose File කියන එකට ඔයාට Convert කරගන්න ඔනි File එක ‍තෝරන්න.
  • දැන් Step 02 කියන තැනට ඔයාලගෙ File එක Convert කරගන්න ඕනි File Type එක ‍තෝරන්න.
  • ඊළගට Step 03 වලට ඔයාගෙ Email එක දීල Convert කියන එක Click කරන්න.
  • දැන් ටික වෙලාවකින් ඔයාගෙ File එක Convert කරල ඔයා දුන්නු Email එකට එවල ඇති..

එහෙනම් අපි ගියා.....

Sunday, April 20, 2014

Download එකක් ඉවර වුන පසු PC එක shut down වෙන විදිහට UTorrent හදාගමුද ?





UTorrent කියන්නෙ මොකක්ද කියල ගොඩක් අය දන්නව නේ. UTorrent කියන්නෙ Torrent Software වලින් හොදම Software එකක්..ගොඩක් වෙලාවට අපිට Films එහෙම බාන්න වෙන්නෙ Torrent වලින්නේ..තව Gams,Software වගේ Size එක වැඩි ගොඩක් දේවල් Download කරන්න මේ Torrent Software ඕනි වෙනවා.

අපි Torrent Use කරල මොනව හරි බාන කොට ඒකට යන වෙලාව තීරණය වෙන්නෙ Internet Speed එක සහ ඉන්න Seeders ල ගණන අනුව.කොහොමත් අපි IDM එකෙන් බානවට වඩා වෙලාවක් යනවනේ Torrent වලින් බාන්න.

Download වෙලා ඉවර වෙන්න ගොඩක් වෙලා යන Torrent එකක් දැම්මට පස්සෙ ඒක ඉවර වෙනකම් බලා ඉන්න ගියාම එපා වෙනවනේ. ඉතින් නරකද Torrent එක Download වෙලා ඉවර උනාම PC එක Lap එක Shoutdown වෙන්න හැදුවනම්, එතකොට ඔය යක්කු ගස් නගින වෙලාවට Torrent Download කරන අයට කරදරයක් නැතුව නිදා ගන්න පුලුවන්..

එහෙනම් වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි....

  • U Torrent Open කරගන්න.
  • ඊට පස්සෙ Option කියන එක Click කරන්න.
  • ඒකෙ යටම තියෙන Auto Shout Down කියන එකට Mouse Point එක අරන් ගියාම තව  Menu එකක් Open වෙයි.
  • ඒකෙ යටම ඇති  Shut Down When Downloads Complete කියල. ඒක click කරන්න.
දැන් වැඩේ ඉවරයි..

Torrent Download එක ඉවර උන ගමන් දැන් ඔයාලගෙ PC එක Shout Down වෙයි

තේරෙන්නෙ නැත්නම් පහළ Photo එක බලන්නකෝ......



තවත් වැදගත් Post එකකින් හමු වෙමු...

Saturday, April 19, 2014

IDM එකෙන් Download කරල මගදි නැවතුනාද ? අව්ලක් නෑ අයෙත් Resume කරල බා ගමු .



අද කියල දෙන්න යන්නෙ IDM එකේදි Rusume කරන්න බැරි Files කොහොමද ආයෙත් Rusume කරල Download කරගන්නෙ කියල.වැඩේ නම් පොඩ්ඩක් දිගයි. එත් හරි ලේසියි. නැත්නම් ඉතින් කොච්චරනම් Data නාස්ති වෙනවද ?

කොහොමද ඔය 700MB විතර තියෙන Film එකක් බාන්න ගිහින් 650MB වගේ ආවට පස්සෙ Network Fail වෙලා හරි Credit ඉවර වෙලා හරි මග නැවතුනොත්.එහෙම ගොඩක් ඒවා Resume කරන්න බැහැනේ. එතකොට අපේ කොච්චර නම් Data නාස්ති වෙනවද ? මේ කියල දෙන්න යන්නෙ එහෙම ආයෙත් Resume කරගන්න දෙන්නෙ නැති File ගොඩ දා ගන්න විදියක්...මේ ක්‍රමය ගොඩක් Site වලට වැඩ කරනවා. ( Torrent Direct බාන Site වලටත්  වැඩ )

හරි මෙහෙමයි වැඩේ කරන්නේ.


 [ 1 ] ඔයාලා IDM එක Open කරගෙන අතරමගදි Download වීම නතර වෙලා තියන File එක තෝරන්න. File එක තෝරලා ඒකේ File Name එක උඩ Right Click කරලා Properties වලට යන්න.




[2] Properties වලට ගියාම ඔයාලට පෙනෙයි Address යටතේ Web Address එකක් තියනවා. අන්න ඒ Address එක කොපි කරගෙන ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste කරලා Enter යතුර ඔබන්න.





[3]Enter කරාම ඔයාලට පෙනෙයි අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවටමයි ගිහින් තියෙන්නේ කියලා.





දැන් තමා වැදගත්ම කොටසට එන්නේ. ආපහු එම ගොනුව Resume කරන එක අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.

    හරි දැන් බලමු පලවෙනි ක්‍රමය 

[ 4 ] ඉස්සෙල්ලා පියවරේදි [ 3වන පියවර ]අපි Enter යතුර ඔබලා ගියානේ අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. දැන් අපිට පේන්න තියනවනේ Download Button එක. අන්න ඒ Download Button එක උඩ Right Click කරලා " Copy Link Location" එක කොපි කරගන්න.




[ 5 ] දැන් ආපහු IDM එකට ගිහින් අතරමග Download නතර වෙලා තියන File එක මත Right Click කරලා Properties වලට යන්න. ගිහිල්ලා Address යටතේ තියන Link එක Delete කරලා දාන්න. Refer කියන තැනත් Link එකක් තියනවනම් ඒකත් Delete කරලා දාන්න.




 මේ තියෙන්නේ Delete කරපුවම



[ 6 ] ඊලගට අපි කලින් පියවරකදි Copy කරගත්තු " Copy Link Location" එක Address , Refer කියන තැන් දෙකටම Paste කරන්න. Paste කරලා OK කරන්න.




[ 7 ]ඊලගට IDM Main Window එකට ගිහින් අර මග නතර වෙලා තිබුන File එක උඩ Right Click කරලා Resume Download ක්ලික් කරන්න.




[ 8 ] ඔන්න වැඩේ හරි!!! Resume Download ක්ලික් කරපු ගමන් අර කලින් නැවතිලා තිබුන තැන ඉදන්ම ආයෙත් File එක Download වෙන්න පටන් ගනියි.




    දැන් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා.

    1 වෙනි ක්‍රමයේ 3 වන පියවරේදි අපි ගියානේ අපි File එක කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. 2 වන ක්‍රමේදි කෙලින්ම Download Button එක ක්ලික් කරන්න.




  ක්ලික් කරපු ගමන් එන IDM Download File Info Window එකේ තියන සම්පුර්ණ URL එක කොපි කරගෙන ඒ Window එක Close කරලා දාන්න.




 ඊලගට කරන්න තියෙන්නේ පලවෙනි ක්‍රමේ 6 , 7 , 8 යන පියවර ටික තමයි. ඊට පස්සෙ Resume Download ක්ලික් කරපු ගමන් අපි කලින් නවත්තපු තැන ඉදලා ලස්සනට File එක Download වෙන්න පටන් ගනියි.



හරි නේද එහෙනම්.. වැඩේ ගොඩ දා ගන්න. මොනව හරි අව්ලක් තියෙනවනම් Comment එකක් දාන්න..




Note Pad එක Folder Lock එකක් කර ගමුද ?



ඔන්න තවත් PC Tricks එකක් දෙන්න හිතුව. ගොඩක් අය එක එක Software දා ගෙන Folder Lock කරනවනේ. මොකටද ඕකට අමුතුවෙන් Software දාන්නෙ. ඔය වැඩේ Notepad එකෙන්ම කරගන්න පුලුවන්.හරි සරල වැඩක් තියෙන්නෙ.

එහෙනම් පහල තියෙන Code එක Copy කරල Notepad එක Open කරල Paste කරගන්නකෝ. ( කිසිම අකුරක් අත් හරින්නෙ නැතුව හරියට පහළ තියෙන Code එක Copy කරගන්න. )
එහෙම බැරිනම් පහල තියෙන එක Download කරගෙන Notepad එකේ Open කරගන්නකෝ.. 2 KB තියෙන්නේ.


දැන් Notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )

if NOT %pass%==Kanapitamart goto FAIL

දැන් ඔය පේලියේ ඇති Kanapitamart කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....

 if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි Lock කරන Folder එකේ Password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා Password එකක් දුන්නට පස්සේ, ඔය Notepad එකේ තියෙන Code එක Save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් Window එකක් Open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ Save කරගන්න Code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඕක Double Click කරල Open කරගන්න. දැන් ඔයා දුන්නු Password එක ඉල්ලනවා. ඒක දීල Enter කරන්න. ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)



ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... 



දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

Friday, April 18, 2014

ඔන්න Hutch එකෙන් ගේමක් නැතුව 500MB Free ගමු.



අද යාලුවන්ට නොමිලේ Hutch Sim එකෙන් 500MB Free ගන්න විදියක් තමයි කියල දෙන්න යන්නෙ.Try කරලම බලන්න.පොඩි දෙයක් කරන්න තියෙන්නෙ.


එහෙනම් ඔයාගෙ Hutch Sim එකෙන් *400# Dial කරල බලන්න.



මේක අලුත්ම සිම් වලට වැඩ නැහැ.පරණ සිම් වලටමන් 100% ක් වැඩ.නිකන් දෙන එකනේ.පොඩ්ඩක් Try කරල බලන්න.වැඩේ ගොඩ නම් Comment එකක් එහෙමත් දාලම යන්න.

Monday, April 7, 2014

Google Chome Browser එකේ Ram භාවිතය අඩු කරමු



ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox හරි Google Chome කියන Browser 2 න් එකක් නේ.ඉතින් අද කියන්න යන්නෙ Google Chome Use කරන කොට එන ගැටලුවක් ගැන.ඒ තමෛ Google Chome ඕපන් කරපු ගමන් Ram එක 90-99% විතර Use කරන එක.Ram එක වැඩි අයටනම් ඕක අව්ලක් නැති උනාට අනිත් අයටනම් මේක මල වදයක්. සමහර වෙලාවට Task Manager ගියත් Struck වෙන එක නවත්වන්න අමාරුයි.ඔන්න ඔය ලෙඩේට දෙන්න පුලුවන් හොදම බෙහෙත තමයි අද දෙන්න යන්නෙ.

මේක පොඩි Extensions එකක්. ඒක ඔයාගෙ Chome Browser එකට දැම්මට පස්සෙ කවදාවත් අයෙ Browser එක හිර වෙන එකක් නෑ. මේකෙන් කරන්නෙ අවශ්ය නැති Tab වෙන වෙනම Save කරන එක.

පහල Link එකෙන් ගිහින් Google Chome/Spark Browser සදහා Add කරගන්න.

One Tab


ඕක Install උනාට පස්සේ මෙහෙම icon එකක් ඇති.


ඕක click කරන්න එතකොට ලැබෙන Menu එකෙන් Tab වලට කැමති දෙයක් කරන්න පුළුවන්.

එහෙනම් ගිහින් එන්නෙම් !!!!!!!!!!!

Saturday, April 5, 2014

අන්තර්ජාලයේ සටහන් ලියමු. ( Evernote)




ඔන්න අදත් තවත් වැදගත් Post එකක් අරන් ආවා අපේ යාලුවන්ට. අන්තර්ජාලයේ සටහන් ලියමු කිව්වම කට්ටිය බලනව ඇති මේ මොකක්ද කියල.හරි එහෙනම් මම මේ ගැන විස්තර ටිකක් කියන්නම්.මේක පොඩි Software එකක්.මේක ඔයාලගෙ PC එකට Install කරගන්න.ඒ වගෙම Android Phone තියෙන අයට තමන්ගෙ Phone එකටත් දා ගන්න පුලුවන්.

මේකෙන් වෙන දේ සරලව කිව්වොත් Online Note ලියන්න පුලුවන් වගේම ආරක්ශිතව අන්තර්ජාලය තුල Save කරල තියන්නත් පුලුවන්.ඒ වගේම ආයෙත් තමන්ට ඔනි කරන වෙලාවට ඕනම තැනක ඉදන් තමන් ලියපු Note බලන්න,කියවන්න වගේම Download කරන්නත් පුලුවන්.

එහෙනම් පහල තියෙන Link එකෙන් ගිහින් Email එකක් Password එකක් දීල Register වෙන්න.


 Evernote Registration


ඊලගට පහල තියෙන Software එක Install කරල ඔයා දීපු Email එකයි Password එකයි දීල Log වෙන්න. 

  • Windows OS සදහා
 For Window

  • Android OS සදහා

 Playstore

  • Firefox සදහා

  • Google Chome සදහා
  •  


දැන් වැඩේ ගොඩ.

එහෙනම් මේ වගේ වෙදගත් Post එකකින් හමුවෙමු.

Friday, April 4, 2014

MS Office 2013 දෙන්නම් හැමදාටම Activator එකත් එක්කම



ඔන්න ඉගන ගන්න යාලුවන්ට නිතරම ඔනි වෙන MicroSoft Office Full Package එක තමයි අද දෙන්න හදන්නෙ. මේක ගැන වැඩිය විස්තර කරන්න ඔනි නැ කියල හිතනව. මොකද ගොඩක් අය මේක බාවිතා කරනව වගේම මේ ගැන දන්නව.ඉතින් මේක MS Office Package එකේ Final Version එක. මේක Activator එකත් එක්කම තමයි දෙන්නෙ.එතකොට Trial Period ඉවර උනම රතු පාට වෙන්නෙත් නැ Option අඩු වෙන්නෙත් නැහැ. කරදරයක් නැතුව හැමදාම Use කරන්න පුලුවන්. එහෙනම් පහලින් බාගන්න. 

MS Office 2013 Download




Download Activator



මුලින්ම Office Package එක Install කරගෙන පස්සෙ Activator එක Use කරල Active කරගන්න.



තවත් වැදගත් Post එකකින් හමු වෙමු.

Thursday, April 3, 2014

FB Profile එක සදහටම Delete කරමු



අපේ රටේ ගොඩක් අය FB ඉන්නවනේ.එකම කෙනාට FB Profile දෙකක් තුනක් තියෙනව බොහෝ වෙලාවට.ඉතින් නරක තමන් දැනට Use කරන Account එක විතරක් තියාගෙන අනිත් ඒව මකල දැම්මොත්. ගොඩක් අය දන්නෙ Settings වලට ගිහින් FB Profile එක Deactivate කරන්න විතරනේ.ඇත්තටම Settings වලින් කරගන්න පුලුවන් ලොකුම දේත් එච්චර තමයි.

FB Profile එකක් ඇත්තටම Settings වලින් Delete කරන්න බෑ.ඒක කරන්න නම් වෙනම සැගවුනු තැනක් තියෙනව. මෙන්න Link එක පහල තියෙනව.ඔයාගෙ Account එකත් Delete කරන්න ඕනිනම් ඔය Link එකෙන් යන්න. 

Delete Facebook





දැන් ඕකෙ නිල් පාටින් තියෙන Delete My Account කියන එක Click කරන්න.හැබැයි ඕක Click කරපු ගමන් Delete වෙන්නෙ නැහැ.දවස් 14 කට ඔයාගෙ Account එක තාවකාලිකව නතර වෙනව.ඒ කියන්නෙ දවස් 14 කට Account එක Deactivate වෙනව.මේ දවස් 14 ඇතුලත ඕනි නම් ඔයාගෙ පරණ Email සහ password දීල Log වෙන්න පුලුවන්.ආයෙ Account එක ගන්න පුලුවන් ඔය දවස් 14 ඇතුලත විතරයි.දවස් 14 න් පස්සෙ නම් මොනවත් කරන්න බෑ.සදහටම Delete තමයි. 



එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු.