Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, April 19, 2014

IDM එකෙන් Download කරල මගදි නැවතුනාද ? අව්ලක් නෑ අයෙත් Resume කරල බා ගමු .



අද කියල දෙන්න යන්නෙ IDM එකේදි Rusume කරන්න බැරි Files කොහොමද ආයෙත් Rusume කරල Download කරගන්නෙ කියල.වැඩේ නම් පොඩ්ඩක් දිගයි. එත් හරි ලේසියි. නැත්නම් ඉතින් කොච්චරනම් Data නාස්ති වෙනවද ?

කොහොමද ඔය 700MB විතර තියෙන Film එකක් බාන්න ගිහින් 650MB වගේ ආවට පස්සෙ Network Fail වෙලා හරි Credit ඉවර වෙලා හරි මග නැවතුනොත්.එහෙම ගොඩක් ඒවා Resume කරන්න බැහැනේ. එතකොට අපේ කොච්චර නම් Data නාස්ති වෙනවද ? මේ කියල දෙන්න යන්නෙ එහෙම ආයෙත් Resume කරගන්න දෙන්නෙ නැති File ගොඩ දා ගන්න විදියක්...මේ ක්‍රමය ගොඩක් Site වලට වැඩ කරනවා. ( Torrent Direct බාන Site වලටත්  වැඩ )

හරි මෙහෙමයි වැඩේ කරන්නේ.


 [ 1 ] ඔයාලා IDM එක Open කරගෙන අතරමගදි Download වීම නතර වෙලා තියන File එක තෝරන්න. File එක තෝරලා ඒකේ File Name එක උඩ Right Click කරලා Properties වලට යන්න.




[2] Properties වලට ගියාම ඔයාලට පෙනෙයි Address යටතේ Web Address එකක් තියනවා. අන්න ඒ Address එක කොපි කරගෙන ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste කරලා Enter යතුර ඔබන්න.





[3]Enter කරාම ඔයාලට පෙනෙයි අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවටමයි ගිහින් තියෙන්නේ කියලා.





දැන් තමා වැදගත්ම කොටසට එන්නේ. ආපහු එම ගොනුව Resume කරන එක අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.

    හරි දැන් බලමු පලවෙනි ක්‍රමය 

[ 4 ] ඉස්සෙල්ලා පියවරේදි [ 3වන පියවර ]අපි Enter යතුර ඔබලා ගියානේ අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. දැන් අපිට පේන්න තියනවනේ Download Button එක. අන්න ඒ Download Button එක උඩ Right Click කරලා " Copy Link Location" එක කොපි කරගන්න.




[ 5 ] දැන් ආපහු IDM එකට ගිහින් අතරමග Download නතර වෙලා තියන File එක මත Right Click කරලා Properties වලට යන්න. ගිහිල්ලා Address යටතේ තියන Link එක Delete කරලා දාන්න. Refer කියන තැනත් Link එකක් තියනවනම් ඒකත් Delete කරලා දාන්න.




 මේ තියෙන්නේ Delete කරපුවම



[ 6 ] ඊලගට අපි කලින් පියවරකදි Copy කරගත්තු " Copy Link Location" එක Address , Refer කියන තැන් දෙකටම Paste කරන්න. Paste කරලා OK කරන්න.




[ 7 ]ඊලගට IDM Main Window එකට ගිහින් අර මග නතර වෙලා තිබුන File එක උඩ Right Click කරලා Resume Download ක්ලික් කරන්න.




[ 8 ] ඔන්න වැඩේ හරි!!! Resume Download ක්ලික් කරපු ගමන් අර කලින් නැවතිලා තිබුන තැන ඉදන්ම ආයෙත් File එක Download වෙන්න පටන් ගනියි.




    දැන් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා.

    1 වෙනි ක්‍රමයේ 3 වන පියවරේදි අපි ගියානේ අපි File එක කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. 2 වන ක්‍රමේදි කෙලින්ම Download Button එක ක්ලික් කරන්න.




  ක්ලික් කරපු ගමන් එන IDM Download File Info Window එකේ තියන සම්පුර්ණ URL එක කොපි කරගෙන ඒ Window එක Close කරලා දාන්න.




 ඊලගට කරන්න තියෙන්නේ පලවෙනි ක්‍රමේ 6 , 7 , 8 යන පියවර ටික තමයි. ඊට පස්සෙ Resume Download ක්ලික් කරපු ගමන් අපි කලින් නවත්තපු තැන ඉදලා ලස්සනට File එක Download වෙන්න පටන් ගනියි.



හරි නේද එහෙනම්.. වැඩේ ගොඩ දා ගන්න. මොනව හරි අව්ලක් තියෙනවනම් Comment එකක් දාන්න..




1 comments:

itnishantha said...

කරලා බැලුවෙනම් නැ එත් කියන විදිහට වැඩ නම් පට්ට