Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, April 19, 2014

Note Pad එක Folder Lock එකක් කර ගමුද ?



ඔන්න තවත් PC Tricks එකක් දෙන්න හිතුව. ගොඩක් අය එක එක Software දා ගෙන Folder Lock කරනවනේ. මොකටද ඕකට අමුතුවෙන් Software දාන්නෙ. ඔය වැඩේ Notepad එකෙන්ම කරගන්න පුලුවන්.හරි සරල වැඩක් තියෙන්නෙ.

එහෙනම් පහල තියෙන Code එක Copy කරල Notepad එක Open කරල Paste කරගන්නකෝ. ( කිසිම අකුරක් අත් හරින්නෙ නැතුව හරියට පහළ තියෙන Code එක Copy කරගන්න. )
එහෙම බැරිනම් පහල තියෙන එක Download කරගෙන Notepad එකේ Open කරගන්නකෝ.. 2 KB තියෙන්නේ.


දැන් Notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )

if NOT %pass%==Kanapitamart goto FAIL

දැන් ඔය පේලියේ ඇති Kanapitamart කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....

 if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි Lock කරන Folder එකේ Password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා Password එකක් දුන්නට පස්සේ, ඔය Notepad එකේ තියෙන Code එක Save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් Window එකක් Open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ Save කරගන්න Code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඕක Double Click කරල Open කරගන්න. දැන් ඔයා දුන්නු Password එක ඉල්ලනවා. ඒක දීල Enter කරන්න. ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)



ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... 



දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......