Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, April 21, 2014

PDF File එකක් ගේමක් නැතුව Word වලට හරවමුද ? ( Software ඕනිම නෑ.. ) How To Convert PDF to Word




ඔන්න ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි අද දෙන්නෙ. එහෙනම් කියවලම බලන්නකෝ.......

MS Word භාවිත කරන අයනම් ඉතින් දන්නව Word File එකක් PDF File එකක් විදියට Save කරන්න නම් මොන තරම් ලේසිද කියල. ඒත් PDF විදියට තියන File එකක් ආයෙත් Word වලට හරවන්න උනොත් නම් ටිකක් අමාරු වැඩක්. ඒකට ඉතින් Software එහෙම දා ගෙන දගලන්න ඕනි..

ඉතින් දැන් කියන්නෙ කොහොමද Software එකක් නැතුව මේක ගොඩ දා ගන්නෙ කියල. හරි ලේසියි. පහළ තියෙන Site එකට යන්නකෝ...


මේකෙ Pdf,Word විතරක් නෙමෙයි ඕනෙම වර්ගයකට Convert කරන්න පුලුවන්.Audio, Video උනත්... මේ වැඩ ඔක්කොම මේ Site එකෙන් කරල දෙන්නෙ නොමිලේ

File Convert කරන්නෙ මෙන්න මෙහෙමයි.


  • ඔය Site එකට ගිහින් Step 01 එකේ තියෙන Choose File කියන එකට ඔයාට Convert කරගන්න ඔනි File එක ‍තෝරන්න.
  • දැන් Step 02 කියන තැනට ඔයාලගෙ File එක Convert කරගන්න ඕනි File Type එක ‍තෝරන්න.
  • ඊළගට Step 03 වලට ඔයාගෙ Email එක දීල Convert කියන එක Click කරන්න.
  • දැන් ටික වෙලාවකින් ඔයාගෙ File එක Convert කරල ඔයා දුන්නු Email එකට එවල ඇති..

එහෙනම් අපි ගියා.....