Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 27, 2014

Root ඕනිම නෑ.. UC Browser එකටත් ගින්දර වගේ සිංහල දා ගමු...


මතක ඇති නේ අපි කලින් කියල දුන්න කොහොමද Opera Mini එක සිංහල බලන්න හදා ගන්නෙ කියල.. ඉතින් අලුතින් ආව Android මෙහෙයුම් පද්ධතියත් එක්ක මේ UC Browser එකත් වැඩි දියුණු කරල ඉදිරිපත් කලා.. ඒත් ලංකාවේ අපිට තිබුන ගැටලුව තමයි මේකෙ සිංහල අකුරු පෙන්නන්නෙ නැති එක.. ඒ වෙනුවට පෙන්නන්නෙ කො‍ටු ගොඩක්..

ඔන්න මේ අව්ලට ලේසිම සහ හොදම විසදුමයි අපි දෙන්න යන්නේ.. මේකට Root කරල Font File එක දාන්න ඕනි නෑ.. Root නොකරම වැඩේ කරගන්න පුලුවන්.. මේ වැඩේට ඕනි කරන ටික ඔන්න පහළ තියෙනවා.. මුලින්ම බා ගන්නකො එහෙනම්..

UC Browser For Android ( 9.0.1 ).APK ( 10 MB ) ගොනුව පහළින් බා ගන්න..
 uc browser


සිංහල කියවන්න ඕනි කරන iskpota.ttf ( Font ) ( 500 KB ) ගොනුව පහළින් බා ගන්න.
 iskpota


දැන් මම කියල දෙන්නම් කොහොමද මේක දා ගන්නෙ කියලා..

  • මුලින්ම ඔයා බා ගත්ත UC Browser For Android ( 9.0.1 ).APK එක Install කරල එක පාරක් Open කරල Exit වෙන්න.

  • දැන් ඔයාගේ File Explore එක අරන් බලන්න Phone එකේ UC Download කියල Folder එකක් ඇති.. ඒක Open කරගන්න.

  • මේ UC Download කියන එක ඇතුලේ Font කියල අලුත් Folder එකක් හදලා ඔය Download කරගත්ත iskpota.ttf කියන Font ගොනුව ඒක ඇතුලට දාන්න. ( SD Card / UC Download / Font / iskpota.ttf )


එහෙනම් වැඩේ ගොඩ.. දැන් සිංහල Site එකකට ගිහින් බලන්නකෝ ...

( විශේෂ - ඉහත පියවර නිවැරදිව අනුගමනය කල පසුවද සිංහල නොපෙන්වයි නම් iskpota.ttf ගොනුව ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf ලෙස Rename කර නැවත ඉහත පියවර අනුගමනය කරන්න. )



එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්නකෝ..