Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 14, 2014

සිංග්ලිෂ් ක්‍රමේට Word වලත් සිංහලෙන් Type කරමුද ? ( Lanka Mag )



ඔන්න අපේ යාලුවන්ට තවත් වටින අලුත්ම Software කෑල්ලක් තමයි අදත් දෙන්න යන්නෙ.. අපේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක්නේ සිංහල Type  කරන්න දන්නෙ නැති එක.. ඒ කියන්නෙ Photoshop , Office වගේ මෘදුකාංගයක සිංහල Font වලින් Type කරන්න නොතේරීම.. ඉතින් කොහොමද අපි SMS කරන සිංග්ලිෂ් විදියට ඔය මෘදුකාංගත් එක්ක වැඩ කරන්න පුලුවන් උනොත්.. මෙන්න ඒකට කියාපු භාණ්ඩේ..

ඔන්න පහල Lnk එකෙන් ගිහින් බා ගන්න.100 KB තමයි තියෙන්නේ....

මේක Install කරන්න දෙයක් නෑ.. Run කරන්න විතරයි තියෙන්නේ.

 lanka mag


අපි හිතමු ඔයාට Word Document එකක මොනව හරි සිංහලෙන් Type කරන්න ඕනි කියලා. ඔයාට කරන්න තියෙන්නෙ Lanka Mag කියන මෘදුකාංගය Open කරල Singlish to Gossip කියන එක ‍තෝරලා අපි SMS යවන සිංග්ලිංෂ් විදියට Type කරන්න. එතකොට Gossip Font යටතේ ඒක ඉහළින් ලියවෙනවා. අන්න ඒක Copy කරල Word වලට Paste කරල සිංහල පොන්ට් එකක් තෙරුවනම් වැඩේ ඉවරයි... ඔය පහළ Screen Shot එක බැලුවනම් තේරෙයි.. හරි ලේසියි..



ඔය විදියටම Singlish to Unicode , Unicode to Gossip යන විදියටත් Type කරන්න පුලුවන්.. Try කරල බලන්න.. ආ කියන්න අමතක උනා.. මේක Word වලට විතරක් නෙමෙයි.. සිංහල ටයිප් කරන ගොඩක් මෘදුකාංග එක්ක භාවිතා කරන්න පුලුවන්..

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

එහෙනම් අලුත් Post එකකින් හමු වෙමු..


1 comments:

Randika said...

යාළුවා මේක අනික් අයට ලබාදුන්නට බොහොම ස්තුතියි. :) ඒත් දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නෙ. 1.1 වර්ෂන් එක ඇවිත් නිසා ඒක ගන්න. ඒකෙ සිංහල ගොසිප් ෆොන්ට් එක එම්බෙඩ් කරලා, හෙල්ප් ෆයිල් එහෙම දාල තියෙන්නෙ. :) පුළුවන් නම් මීඩියාෆයර් දාන්නෙ නැතුව ඇඩ්ෆ්ලයි දාල හරි කමක් නෑ සයිට් එකේ තියෙන ලින්ක් එකම දෙන්න. ඔයාට ඒකෙ පාඩුවක් නෑනෙ. :)