Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 17, 2014

ඔන්න ඔයාලටත් කිසිම වියදමක් නැතුව මම ගානේ i7 පරිගණකයක්...



අපේ යාලුවොන්ට අදත් තවත් අමුතු PC Tricks එකක් තමයි අරන් ආවේ.. ඇත්තෙන්ම මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකය i7 විදියට හදාගන්න. ඒ කියන්නෙ අපි Propertice ගිහින් බැලුවම ඔය පහළ තියෙන විදියට අපේ පරිගණකයේ විස්තර පෙන්වනවනේ. ඉතින් අපි ඔන්න ඔය විස්තරේ වෙනස් කරන්නයි යන්නේ..



අපි මේක කරන්නේ අපේ පරිගණකයේ Registry එක වෙනස් කරල.. බයවෙන්න එපා මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ, වෙන එකම දේ බොරු විස්තර ටිකක් පෙන්නන එක විතරයි.. මේක කරන්නෙ කොහොමද කියල ඔන්න පහළ තියෙනව බලන්නකෝ..

ආ තව දෙයක්.. මේක හොරකම් වලට භාවිතා කරන්න එපා.. මොකද සමහර Computer Shop වලත් මේ වැඩේ කරල පරිගණක විකුනනවා.. ඒක නිසා පරිගණක ගන්නකොට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.. ඔන්න එහෙනම් අපේ මාතෘකාවට අපි ආයෙත් එමු.

  • මුලින්ම Start--- Run ( Win + R ) ගිහින් regedit.exe කියල Type කරල Enter කරන්න.

  • සමහරවිට අහයි Do you want to allow following programme to make changes to this computer කියල , එහෙම ආවොත් ඒක Yes කරන්න.
  • ඊලගට ඔය පහළ Path එකේ යන්න.. 

HKEY_LOCAL_MACHI NE → HARDWARE →  DESCRI PT I ON →  System →  Cent ralProcessor →  0

  • ඔන්න ඉතින් අපි දැනටමත් ඔයාගෙ පරිගණකයෙ මොලේ ඇතුලට රිංගල ඉවරයි. දැන් ඉතින් වෙනස් කරමු..

  • ඔන්න ඕකේ තියෙනවා ProcessorNameString කියල එකක්.. අන්න ඔතන තමයි අපේ පරිගණකයේ Processor එක ගැන විස්තරේ තියෙන්නේ.. ඒක උඩ Double Click කලාම ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි.. ඔන්න ඕකෙන් ඔයාගේ පරිගණකයේ Processor එකේ නම වෙනස් කරගන්න.


ඔන්න දැන් වෙඩේ ඉවරයි.. එහෙනම් ඕක OK කරල Registry Editor එක Close කරල දාල බලන්නකෝ...

දැන් ඔයාගෙ Computer එකේ Propertice ගිහින් බලන්නකෝ ඔයාගෙ අලුත් i7 පරිගණකය ගැන..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..