Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 16, 2015

දන්න නොදන්න Shortcut 100 ක්...



අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ අපේ පරිගණකය භාවිතයේදී අපි කරන කාර්යයන් වඩා පහසුවෙන් කරගන්න උදව් වෙන Windows Shortcut පෙළක්.. මෙතන ඇත්තටම Shortcut 100 කට වඩා තියෙනවා.. ඒ අතර ඔයා දන්න ඒවා වගේම ඔයා නොදන්න ඒවත් ගොඩක් තියෙනවා.. ඒ අතර,

Keyboard Shortcut (Microsoft Windows), 
Dialog Box - Keyboard Shortcuts,
Microsoft Natural Keyboard Shortcuts,
MMC Console Windows Shortcut keys,
Remote Desktop Connection Navigation,
Microsoft Internet Explorer Keyboard Shortcuts

ආදී Shortcut රාශියක් තියෙනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 KB )

දන්න නොදන්න Shortcut 100 ක්...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..
.


Wednesday, July 15, 2015

නොමිලේ බලන්න IPTV වලට අලුත් Channel එකතු කරගමුද ?

මතක ඇතිනේ අපි මීට කලින් නොමිලේ TV බලන ක්‍රමය අපේ යාලුවන්ට කියල දුන්නා.. ඒක බැලුවෙ නැත්නම් මුළින්ම ඒක බලන්න මෙතනින් යන්න.. ගොඩක් අය ඒකෙන් ප්‍රයෝජන ගත්තා කියලත් අපිට කියලා තිබුනා.. ඒ වගේම ඒ ගොඩක් අය ඇහුවේ මේකට අලුතින් Channel එකතු කරගන්න පුලුවන්ද කියලා.. ඉතින් ඒ ගැන අපි මේ Post එකෙන් කියනවා..

ඉතින් මේ විදියට Playlist එකක් හදාගන්න නම් ඔය පහළ මෘදුකාංගය ඕනි කරනවා.. මුළින්ම ඒක බාගෙන ඉන්න..

 Tano Player

Playlist එකක් සදා ගැනීම සදහා අවශ්‍ය වන URL අඩංගු Document දෙක පහළින් බාගන්න..



හරි එහෙනම් අපි මේ සදහා ඕනි කරන දේවල් ටික බාගෙන ඉවරයි.. දැන් බලමු අපි Playlist එක හදන විදිය ගැන..
  • අපි මුළින්ම දුන්න මෘදුකාංගය Install කරගන්න..
  • දැන් ඔබේ පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්ධ කරගන්න..

  • දැන් අපි අපේ කලින් Post එකේදි දීපු Playlist දෙකෙන් එකක් මේකෙන් Open කරගමු.. ( ඒ Playlist දෙක නැතිනම් මෙතනින් ගන්න.. )

  • ඊළගට Option යටතේ Edit Playlist දෙන්න.. ( පහළ රූපය බලන්න )


  • දැන් ඔයාලට අලුත් Window එකක් ඇවිත් දැනට ඔයාගෙ තියෙන Channel ටික පෙන්වයි..

  • දැන් Add Channel කියන එක ඔබන්න.. ( පහළ රූපය බලන්න )


  • එතකොට New Channel කියල එකක් ඔයාගෙ Playlist එකේ පහළට එයි. ඒක Select කරන්න..

  • දැන් දකුණු පැත්තේ Edit Channel යටතේ Number එක, Name එක, URL එක වගේ දේවල් Fill කරන්න එයි..

  • දැන් අපි මුලින් Download කරගන්න දුන්න World TV Mix1 (m3u -vlc) Document එකෙන් හරි, VLC IPTV UK sports Channel Document එකෙන් හරි තමන්ට ඕනි Channel එකක් ‍තෝරගෙන ඊට පහළින් තියෙන URL එක Copy කරගන්න...


  • දැන් ඒ Link එක Edit Channel එකේ URL එක විදියට දෙන්න. 

  • දැන් යට තියෙන Scan and Update එක දීල 100% Complete වෙනකම් ඉන්න..

  • අන්තිමට කලින් විදියටම අලුත් Channel Add කරගන්න..

  • දැන් උඩ තියෙන Save as Button එක ඔබලා කැමති නමක් දීලා Playlist එක Save කරගන්න.. ( මතක ඇතුව Tano M3U channel list file යටතේ Save කරන්න.. )


  • දැන් ඉතින් අපි අලුත් Playlist එකක් හදලා ඉවරයි..

  • දැන් ඔයා කලින් විදියටම VLC එකේ Playlist එකක් විදියට අලුතින් හදාගත්ත Playlist එක Play කරන්න.. එච්චරයි..

ඔය අපි Playlist එක හදාගත්ත මෘදුකාංගයත් තවත් TV Player එකක්ම තමයි.. ඕකෙනුත් TV බලන්න පුලුවන්.. නමුත් ඇතැම් වෙලාවට ඕකෙන් ලංකාවේ Channel Play වෙන්නේ නෑ.. ඒක නිසා අපි අපිට පුරුදු VLC එකම භාවිත කරමු.. VLC Player එක නැත්නම් මෙතනින් බාගන්න..
මෙහි අපි ලබාදුන් සියලුම Channel Test කර නොමැති අතර සැටලයිට් තාක්ෂණය යටතේ ලංකාවේ විකාෂණය වන බොහෝ නාලිකා Play වේ.. ඇතැම් Channel සදහා මුදල් අය වීමටද පුලුවන..

එහෙනම් අපි ගියා.. මමත් අලුත් Channel කීපයක්ම දාගත්තා.. ඔයාලත් Try කරලා බලන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. Comment කරන්න, Share කරන්න අමතක කරන්න එපා.. 



Tuesday, July 14, 2015

වින්ඩෝස් 8 /8.1 වල Hard Disk Usage එක 100% ද ? ඒක හදාගන්නේ මෙහෙමයි...


අපේ යාලුවන්ට අද දෙන Post එකත් ගොඩක් වැදගත් වෙයි. මොකද මේ Post එක ඔබේ පරිගණකයේ Hard Disk එක Heat වීම සම්බන්ධව ඍජුවම බලපාන නිසා.. ඉතින් මේ ගැටලුව Windows 8 / 8.1 භාවිතා කරන ගොඩක් අය දැකලා ඇති. .විශේෂයෙන් Laptop භාවිතා කරන අය.. Hard Disk Usage එක 100% වෙලා, පරිගණකය රත් වෙනවා, යම්කිසි ශබ්ධයක් ඇති වෙනවා, පරිගණකය Struck වෙනවා...



ඉතින් මේවට විසදුම් තමයි අපි දෙන්නේ...
  • මුළින්ම Run Dialog Box එක Open කරගන්න.. ( ඒ සදහා යතුරු පුවරුවේ Win Key + R ඔබන්න.. )
  • දැන් Services.msc කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට විවෘත වෙන Window එකේ Superfetch කියන එක උඩ Right Click කරලා Properties යන්න..
  • දැන් අලුතෙන් window එකක් Open වෙයි..
  • ඒකේ Start up යටතේ Disable කියන එක දෙන්න..
  • එතන පහළ තියෙන Services Status යටතේ Stop ඔබන්න..
  • හරි දැන් ඉතින් Apply කරල OK කරන්න..
  • දැන් බලන්නකෝ ඔයාගේ Hard Disk Usage එක කොහොමද කියලා..

ඉතින් මේ වැඩේ කරන විදිය තවත් පැහැදිලි වෙන්න පහළ ඇනිමේෂන් එකත් බලන්න..



ඉතින් එහෙනම් තවත් අපේ යාලුවන්ට වටින Post එකක් අපේ යාලුවන්ට දුන්න.. හෙට ඉදලා අපේ Post එක ගොඩක් තැන් වල ලියවෙයි.. ඒත් පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් වගේ කනපිටමාට් සමගින් එකතු වෙන්න..  Comment එකක්, Share පාරක් දාන්නත් අමතක කරන්න එපා..

කවුරුත් කොපි කරන අපේ බ්ලොග් කලාව කනපිටමාට්..


Monday, July 13, 2015

Delete කරපු Fecebook Massage ආයෙත් ගන්නෙ කොහොමද ?


අපේ ගොඩක් යාලුවො අහල තිබුනා Delete කරපු Facebbok Massage Recovery කරන්න පුලුවන්ද කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන ලිපියක් ලියන්න අපි හිතුවා..මේ වැඩේ කරන්න අපිට මොනවත් Software ඕනි කරන්නේ නෑ.. ඔයාගෙ Browser එකෙන් ඔයාගෙ Facebook Account එකට හා FB Account එක හදලා තියෙන Gmail එකට Log වෙන්න..

එහෙනම් අපි බලමු අපි මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා...
  • ඔයාගේ FB Account එකේ General Account Settings වලට යන්න.

  • එතකොට යට පොඩියට තියෙනවා Download a Copy කියලා.. ඒක ඔනන්න.. ( ඔය පහළ රූපය බලන්න..)

  • දැන් එන අලුත් Page එකේ Start my archive option ඔබන්න..

  • දැන් ඔයාගේ facebook Password එක දීලා Submit කරන්න..

  • දැන් ඔයාට කියයි Facebook Data will be sent to your email account. කියලා..

  • ඊළගට ඔයාගෙ Email එකට ගිහින් Download your facebook data. කියන Link එකෙන් Download කරගන්න ඕනි.. ( ඇතැම් Browser වලින් හා ඇතැම් අවස්ථා වලදී Facebook විසින් මෙම තොරතුරු ලබාදීම අවහිර කරයි..)

  • දැන් Download උන Zip File එක Winrar මගින් Extract කරගන්න ( Winrar මෙතනින් ගන්න.. )

  • Extract කරපු File එකේ Index කියන එක ඔබේ Browser එකෙන් Open කරගන්න..

  • දැන් Massage කියන එක ඔබන්න..

  • ඊළගට Ctrl + F ඔබලා අවශ්‍ය කෙනගේ නම Search කරල බලන්න..

  • Delete කරපු Massage සේරම එතන තියෙනවා..

මේ ගැන Video එකක් පහළ තියෙනවා... ඒකත් බලන්න...




එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

Google Account එකේ හා Gmail එකේ Password Change / Reset කරන විදිය...


අපේ හැම යාලුවෙක්ටම වගේ Google Account හා Gmail Account තියෙනවා.. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ අපේ Google Account වල Password Change හා Reset කරන විදිය.. ඉතින් කනපිටමාට් අපි මේ ගැන ලියන්න හිතුවා.. මොකද මේ දවස් වල ගොඩක් Email වලට පනිවිඩ ඇවිත් තියෙනවා වෙනත් කෙනෙක් Log වෙන්න උත්සාහ කලා Password Change කරන්න කියලා.. ඒක නිසා කෝකටත් ශක්තිමත් අලුත් Password එකක් දාගන්න එක හොදයි..

දැන් බලමු ඔයාගෙ Password එක අමතක උනොත් කොහොමද New Password එකක් දාගන්නෙ කියලා..
 
  • මුලින්ම trouble signing in Page එකට යන්න.. ඒ සදහා මෙතන Click කරන්න..
  • දැන් "I don't know my Password" ‍තෝරන්න..
  • ඊලගට ඔයාගෙ Email එක දීලා තිරයේ දිස්වෙන පියවර අනුගමනය කරන්න..

දැන් අපි බලමු ඔයාගෙ Google Account එකේ Password එක වෙනස් කරන විදිය..
  • ඔයාගෙ Google Account එකට Log වෙන්න..
  • දැන් My Account සදහා මෙතන ඔබන්න..
  • Sign in & Security Section එක යටතේ ඇති "Signing in to Google" යන්න ‍තෝරන්න..
  • ඔයාගේ Password එක දෙන්න..
  • දැන් අලුත් Password එක Type කරලා Change Password යන්න ඔබන්න..

ඔන්න ඔහොමයි Google Account එකේ හරි, Gmail එකේ හරි Password එක Change / Reset කරන්නේ..

එහෙනම් අපි ගියා.. පරිගණක ගැන හිදම දේ මුළින්ම දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


දැන් කනපිටමාට් අලුත්ම ලිපි එසැනින් ඔබේ ස්මාර්ට් දුරකතනයට.. ( Kanapitamart Android Apps )


කනපිටමාට් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට අපේ Post ඉතා පහසුවෙන් බලාගන්න ක්‍රමයක් තමයි කියන්න යන්නේ.. ඉතින් මේ කනපිටමාට් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් Apps එක.. මේ Apps එකත් ඔයාගේ Android දුරකතනයේ Apps අතරට එකතු කරගන්න.. එතකොට අපේ Post ඉතා ඉක්මනින් ඔබට ලබාගන්න පුලුවන්..

ඉතින් මේ Apps එක Google Play Store එකෙන් බාගන්නත් පුලුවන්..

නැත්නම් ඔන්න ඔය පහළ තියෙන Apps එක බාගෙන ඔබේ දුරකතනයට Install කරගන්න..

Kanapitamart Android Apps


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


Sunday, July 12, 2015

ඔබේ දරුවා පරිගණකය හරහා සිදුකරනා කාර්යයන් පාලනය කිරීමට හොදම මෘදුකාංගය.. ( Child Control 2015 )



ඔන්න අද අපි දෙන Post එක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. විශේෂයෙන්ම දෙමව්පියන්ට.. ඔබේ දරුවා, නැත්නම් නංගි මල්ලි වගේ අය පරිගණකය භාවිතයේදී එයාලට කරන්න පුලුවන් දේවල් සීමා කරලා දරුවන්ට පරිගණකය තුළින් අවශ්‍ය දේවල් විතරක් කරන්න අවසර දෙන්න මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන්.. ඒ කියන්නේ මේ මෘදුකාංගයට ඔබේ දරුවාගේ පරිගණකය තුළ අපිට පාලනය කරන්න ඕනි දේවල් පිළිබද විස්තර ටික දුන්නම එම පරිගණකයේ පාලනය එම මෘදුකාංගය තුළින් සීමා කරනවා.. ඔබේ දරුවා ඔබ නුසුදුසු යැයි තීරණය කරපු යමක් කරන්න යන විට එය වළක්වනවා..

මුළින්ම මේ මෘදුකාංගය පහළින් බාගන්න.. ( 25 MB )

Child Control 2015

ඉතින් මේ මෘදකාංගය තුළින් කරගන්න පුලුවන් වැඩ ටිකක් මම කියන්න්නම්..
  • ඔබට පුලුවන් මේ මෘදුකාංගයෙන් ඔබේ දරුවා දවසට, සතියට, මාසයට පරිගණකය භාවිතා කල යුතු පැය ගණන  සීමා කරන්න.. ඒ පැය ගාන භාවිතා කලාට පසු ඔබේ අවසරයකින් තොරව පරිගණකයෙන් වැඩ කරන්න බෑ..
  • ඒ වගේම ඔබේ දරුවා මේ විදියට අන්තර්ජාලය භාවිතා කලයුතු පැය ගණන සීමා කරන්න..
  • ඔබට කාල්සටහනකට අමුව මෙම සීමා පනවන්න පුලුවන්..
  • අන්තර්ජාලය තුළදී අසභ්‍ය දේවල් Block කරන්න..
  • පරිගණකයේ තියෙන Game ස් ඇතුලු අනවශ්‍ය Programme Block කරන්න..
  • පරිගණකයට අලුතින් මෘදුකාංග Install කිරීම වලක්වන්න..
  • මේ සියලු දේවල් පිළිබධව Report එකක් ලබාගන්න..
  • ඒ වගේම ඕනිම පරිගණකයෙන් තමන්ගෙ දරුවා පරිගණකය භාවිතා කරන ආකාරය හා තොරතුරු ලබාගන්න..

ඉතින් තව ගොඩක් තියෙනවා.. ඇත්තටම මේක අම්මලාට ගොඩක් වටියි.. මොකද අන්තර්ජාලය හා පරිගණකය තුළින් හොද දේ වගේම නරක දේවලුත් කරන්න පුලුවනි නේ.. ඉතින් මේ නරක දේවල් ළමයාගෙන් ඈත් කරලා හොද දේවල් විතරක් ළමයින්ට දෙන්න..

ඉතින් Post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. ඉතින් ඒ ගැන Comment එකක් එහෙම දාල අනිත් අයටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා... එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...


විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල අ.පො.ස උ.පෙ ( A/L ) කාලසටහන PDF එකක් ලෙසින්..


ඉතින් අපේ Blog එක බලන මේ පාර A /L එහෙම කරන යාලුවොත් ඇතිනේ.. ඔන්න මේ සැරේ අ.පො.ස උ.පෙ ( A/L ) විභාග කාලසටහන ඔයාලට දෙන්න හිතුවා.. මේක හැමෝටම වගේ හමුවෙන්න ඇති.. ඒත් ඉතින් මේ අපි දෙන PDF එකත් වැදගත්.. මොකද PDF Read කරන ඕනෑම මෘදුකාංගයක්, Apps එකක් හරහා බලන්න පුලුවන්.. ඒ කියන්නෙ ඉතින් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් Phone එකෙන් උනත් Time Table එක බලාගන්න පුලුවන්..

ඉතින් මේක ගැන චුට්ටක්වත් බය වෙන්න එපා.. මේ ස්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු කාලසටහනයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 3 MB )

A/L Time Table 2015

ඔයාලගෙ පරිගණකයේ PDF Reader එකක් නැත්නම් මෙතනින් ගන්න..
ඔයාලගෙ Android Phone එකට PDF Reader එකක් මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


ඔන්න Unlimited Download කරන්න Hutch වෙතින් Time-Base පැකේජ රාශියක්.. ( Mid Night නොවේ )


අපේ සමහර යාලුවො නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති.. ඒත් මේ ගැන නොදන්න යාලුවොත් ගොඩක් ඇතිනේ.. ඒක නිසා අපි හිතුවා මේ ගැන අපේ යාලුවන්ට කියන්න.. අපේ රටේ ඉතින් මොනව හරි ලොකු ලොකුවට Download කරන්න ගියොත් පර්ස් එක හිදෙනවනේ.. ඒ වගේ වෙලාවට අපිට වැදගත් උනේ Time-Base Internet Package.. ඒකනේ Dialog ආයතනය දුන්න Unlimited Time Base Package මේ තරම් ජනප්‍රිය උනේ..

ඉතින් මෙන්න මේ Time-Base Internet Plans ඔන්න දැන් Hutch වෙතිනුත් අලුතින් හදුන්වා දීලා..  මේ යටතේ අපිටම ගැලපෙන පැකේජ 3 ක් හදුන්වා දෙනවා..
  • ඔබට රු. 25/= කට පැයක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..
  • ඔබට රු. 45/= කට පැය දෙකක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..
  • ඔබට රු. 90/= කට පැය පහක කාලයක් ඇතුලත ඇති තරම් Download කරගන්න පුලුවන්..

ඉතින් මෙම පැකේජ සදහා Speed Limit එකක් හෝ Data Limit එකක් නෑ.. මේ පැකේජ වලංගු වෙන්නේ එක දවසක් පමනයි.. ඒ වගේම හවස 6 සිට රෑ 12 දක්වා මේ පැකේජ භාවිතා කරන්න බෑ.. ඒ කියන්නෙ ඔයාලට මේ ඕනිම පැකේජයක් භාවිතා කරන්න පුලුවන් රෑ 12 සිට හවස 6 වනතෙක් පමණයි..

ඉතින් කොහොමද මේ පැකේජ Active කරගන්නේ.. ඒ සදහා..
*131*6*3# Dial කරන්න...

ඉතින් Dialog Time-Base Package ටිකත් පහළ තියෙනවා.. ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ..මොකද හැමෝම වගේ ඒ ගැන දන්නවනේ..


එහෙනම් අපි ගියා.. පරිගණක ගැන හොදම දේ අරගෙන කනපිටමාට් එක්ක නැවත හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...



Saturday, July 11, 2015

ඔබේ පරිගණකයෙනුත් නොමිලේ TV බලමු.. BlueStacks නොවේ..



මතක ඇතිනේ අපි කලින් Post එකෙන් කියලා දුන්න ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකින් IPTV Apps එක හරහා නොමිලේ ලංකාවේ වගේම ලෝකයේ ජනප්‍රියම TV Channel නරඹන විදිය.. ගොඩක් අය ඇහුවා මේක පරිගණකයෙන් බලන්න බැරිද කියලා.. පුලුවන් ලේසියෙන්ම.. සමහරු මේ වැඩේට Blue Stacks Apps Player එක Install කරලා ඒ තුළින් බලනවා..

එච්චර මැරෙන්න දෙයක් නෑ.. අපි කියලා දෙනවා හැමෝම ලග තියෙන VLC Player එක තුළින් නොමිලේ IPTV නරඹන විදිය..

ඔයාල ලග VLC Player එක නැත්නම් මෙතනින් බාගන්න..
මේ සදහා අවශ්‍ය වන IPTV Free Play List එක පහළින් ගන්න.. ( දෙකම බාගන්න )

හරි එහෙනම් ඔයා බාගත්ත දේවල් එක්ක VLC Player එක යොදාගෙන TV බලන විදිය පහළින් බලන්න.. 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. Blog නම් ඉතින් කනපිටමාට්


Match එකේ Live Score පන්දුවෙන් පන්දුවට ඔබේ පරිගණක තිරයට...


ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ අපේ කොල්ලො ටික අද පිටියට බැහැලනේ.. ඉතින් මේ තියෙන වැඩ අස්සේ සමහරුන්ට මැච් එක බලන්න විදියකුත් නෑ.. ඉතින් අපි හිතුවා පොඩි ගැජට් කෑල්ලක් ඔයාට දෙන්න..

ඔයා මේ Software එක Install කරගත්තම පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා පිටියේ වෙන දේ පිළිබද විස්තර ඔයාගෙ පරිගණක තිරයේ පෙන්වනව.. ඒ වහේම Full Score Board එක උනත් බලන්න පුලුවන්..

මේ පිළිබදව අවබෝදයක් ගන්න පුලුවන් පහළ Photo එක බැලුවම...



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Live Score

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමගින් ‍රැදෙන්න..


Friday, July 10, 2015

සල්ලි කැපෙන්නේ නෑ, Data කැපෙන්නෙ නෑ.. නොමිලේ TV බලමුද ?


අද Post එකෙන් අපේ යාලුවන්ට කියන්න යන්නේ සල්ලි කපා ගන්නේ නැතුව, ඒ වගේම තමන්ගෙ Data Balance එක අඩු කරගන්නෙ නැතිව කොහොමද නොමිලේම TV බලන්නෙ කියලා.. ඉතින් මේකෙදි ලංකාවේ ප්‍රධාන TV Channel වගේම ලෝකයේ ජනප්‍රියම TV Channel රාශියක් නොමිලේ බලන්න පුලුවන්..


අපි
අද ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් නොමිලේ TV බලන විදිය කියනවා වගේම Windows පරිගණකයෙන් නොමිලේ TV බලන විදියත් ඊළග Post එකේදි කියලා දෙනවා...



අපි මේ ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.

ඔයාලත් Try කරල බලන්න පහල තියෙන Apps එකෙන් Play List එක Open කරලා.

හරි මේකට ඕනි කරන ටික පහළින් බාගන්නකෝ..

IPTV

Play List එක පහළින් ගන්න...

IPTV Play List

    ඔය වඩේ කරන විදිය පහළින් තියෙනවා.. අපැහැදිලි නම් ඒක බලන්න..

    දැන් ඉතින් නොමිලේ ඇති වෙනකම් TV බලන්න පුලුවන්.. 


    එහෙනම් අපි ගියා.. ඔබේ පරිගණකයෙන් නොමිලේ TV බලන්නෙ කොහොමද කියලා කියන්න්නම් අපේ ඊළග Post එකෙන්.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්... පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...