Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 21, 2014

IDM Toolbar එකත් Windows 8 වලට ගැලපෙන්න හදාගමු... ( Windows 8 Toolbar for IDM )



දැන් ඉතින් ගොඩක් අය භාවිතා කරන්නෙ Windows 8 හෝ Windows 8.1 මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් මේ නව  Windows OS එක්ක එන අලුත් Metro Style එකට ගැලපෙන්න IDM එකේ Tollbar එක හදන්නයි යන්නෙ. නැත්නම් ඉතින් අලුත් OS එකක් දැම්මට Software පරණ තාලෙට තියෙනකොට ගතියක් නැහැනේ... ඔන්න පහළ තියෙනවා IDM Windows 8 Toolbar එක.. 30 KB වගේ තියෙන්නෙ බා ගන්නකො එහෙනම්..


 IDM Toolbar
(භාගත කිරීම සදහා තත්පර 5 කට පසුව ඉහළ ඇති Skip Ad යන්න ඔබන්න.)


ඔයාට මේ වගේ තවත් IDM Toolbar ඕනිනම් පහළ Link එකෙන් ගිහින් බාගන්නකෝ..

 Meny IDM Tool bar


ඔයාගෙ ලග IDM නැත්නම් මෙතනින් ගන්න හැමදාම තියා ගන්න..


දැන් මේක Install කරගන්න හැටිත් කියන්නම්කො..

  • මුලින්ම ඔයාගෙ Task bar එකේ Notification Icon වලින් IDM එක උඩ Right Click කරල Exit කරගන්නකෝ... ඔය පහළ තියෙන විදියට.

ඊළගට ඔයාගෙ Programme File එකට ගිහින් Internet Download Manager කියන Folder එක Open කරල එක ඇතුලෙ තියෙන Toolbar File එක Open කරගන්න..



දැන් ඔයා Download කරගත්ත File එක Extract කරගෙන ඔයා Extract කරගත්තු File එක ඇතුලෙ තියෙන File ටික Copy කරල ඔයා මුළින් Open කරගත්ත Toolbar Folder එකට Paste කරන්න..

දැන් ඔයාගෙ Internet Download Manager Software එක Open කරල ඔය පහළ තියෙන විදියට View > Toolbar වලට ගිහින් 8 කියන එක ‍තෝරන්න..



දැන් බලන්නකො ඔයාගෙ IDM එකේ Toolbar එක Windows 8 Style එකට වෙනස් වෙලා තියෙයි.. මෙන්න මේ විදියට



ඔයා මම දීපු Site එකට ගිහින් තව Toolbar බා ගත්තත් ඒවත් දාන්නෙ ඔය විදියටම තමා.. 

එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු..

Tuesday, May 20, 2014

Assignments ඕනද ? ඔන්න එහෙනම් ගෙඩි පිටින් බා ගන්න....



ඔන්න සුපිරිම Web Site එකක් තමයි අද දෙන්න හදන්නෙ.. මේක අපේ ඉගන ගන්න යාලුවොන්ට නම් ගොඩක් වැදගත් වෙයි.. මොකද Assignments කියන්නෙ මහ එපාම කරපු ජාතියක් නේ.. මොනව කරන්නද ? ඔන්න ඉතින් මට Set උනා Assignment තොගයක් තියෙන site එකක්.. හැබැයි ඉතින් කඩ්ඩෙන් තමයි තියෙන්නෙ.. අව්ලක් නෑ.. Assignments එක ගැන අවබෝදයක් ගන්න හරි මේක වැදගත් වෙයි.. මේකෙ හැම Subject එකටම වගේ අදාළ Assignments තියෙනවා... එහෙනම් පහළ Link එකෙන් ගිහින් බලන්න..

 Assgnment


තවත් වැදගත් Post එකක් එක්ක Set වෙමු..

Monday, May 19, 2014

මදුරු කොයිල් එක වීසි කරල පරිගණකයෙන් වැඩ ගමු... දුමත් නෑ... ගදත් නෑ....



පරිගණක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවනේ.. දවසින් වස අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.. ඉතින් අදත් ගෙනාවෙ මේ වගේ අලුතින් සොයා ගත්ත Software එකක් එක්ක. මාතෘකාව බැලුවම හිතනව ඇති මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. ඔන්න එහෙනම් විස්තර ඇතුව කියන්නම්කො..

මදුරුවො නිසා හරි කරදරේ නේද ? මදුරු දගර තමයි විසදුම.. ඒත් එපා වෙනව දුම වගේම විෂ.. ඉතින් අද ගෙනාවෙ ඔය දෙකම නැති මදුරු දගරයක්.. මේක කවදාවත් ඉවර වෙන එකක් නම් නෙමෙයි.. මේක අලුත්ම Software එකක්.. මේක නිර්මාණය කරල තියෙන්නෙ මදුරුවො එලවන්න.. මේ Software එක තුලින් කරන්නෙ දුම දාන එක නෙමෙයි.. ඒ වෙනුවට පුංචි Sound එකක් නිකුත් කරන එක.. හැබැයි මේක අපිට ඇහෙන්නෙ නම් නෑ.. මොකද අපේ කනට ඇහෙන සංඛ්‍යාත ගණනක් තියෙනව නේ.. ඉතින් ඊට වඩා අඩු සංඛ්‍යාතයකින් තමයි මේ Sound එක හදල තියෙන්නෙ.. ඒත් එක මදුරුවන්ටනම් හොදට ඇහෙනවලු.. ඒ සද්දෙ මදුරුවන්ට දරා ගන්න බැරි නිසා මදුරුවො මේ සද්දෙට එන්නෙ නෑ කියල තමයි මේක නිර්මාණය කරපු අය කියන්නෙ.

පුංචි Software එකක්.. ඉතින් Try කරලම බලන්නකො.. ඔන්න පහළින් බා ගන්න එහෙනම්.. 6 MB තියෙන්නෙ.


Extract Password - kanapitamart

ඔන්න Android තියෙන අය Android Apps එක පහළින් බා ගන්නකෝ..

 ANDroid Madhuru Coil

  • මුළින්ම මේක ඔයාගෙ පරිගණකයට Install කරගන්න.. File  එක Open කරද්දි Password එකක් ඉල්ලයි . ඒකට kanapitamart කියල දෙන්න..
  • දැන් Desktop එකේ තියෙන Anti Mosquito කියන එක Open කරගන්න.. එතකොට ඔය පහළ තියෙන window එක Open වෙයි..


  • දැන් ඒකෙ තියෙන Activate කියන එක ඔබන්න..
  • ඊළගට ඔය පහල තියෙන විදියට Minimize කරල තියන්න.. එච්චරයි කරන්න තියෙන්නෙ.. එහෙනම් Try කරල බලන්නකෝ..

මේ වගේම අලුත් දේවල් එක්ක ආයෙත් හමු වෙමු.. Comment එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා.


Saturday, May 17, 2014

මොකද කියන්නෙ.. FB එක සිංහලට හරවගමුද ?



මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන් උනා.. සමහරුනම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති... අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්‍රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ.. Settings වලින් Language එක සිංහලට මාරු කරගන්නයි තියෙන්නෙ.. ඔන්න පහළ පැහැදිලිව Screen Shot එක්කම තියෙනව වැඩේ ගොඩ දා ගන්න හැටි..

  • මුලින්ම ඔයාගෙ Account එකේ Home එකට යන්න..
  • දැන් ටිකක් පහලට එනකොට දකුණු පැත්තෙ පොඩියට ඇති English කියල එතන click කරන්න.. ඔන්න ඔය පහළ රූපෙ සිංහල කියල තියෙන තැන..



  • දැන් ඊලගට Open වෙයි භාෂා ගොඩක් තියෙන Page එකක් .. ඒකෙන් සිංහල ‍තෝරන්න..


  • එතකොට ඔන්න ඔය පහළ තියෙනවා වගේ සිංහල භාෂාවෙන් FB යන්න පුලුවන් ලස්සනට...



එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු...


Friday, May 16, 2014

චෙස් මාස්ටර් කෙනෙක් වෙන්න ඔන්න Yaa Chess Game



ඔන්න අද තවත් වටින Game එකක් අරගෙන අවා.. චෙස් කියන්නෙ ලෝකෙ තියෙන ගොඩක් ජනප්‍රිය වගේම විශිෂ්ට ක්‍රීඩාවක්.. ඉතින් මේ ක්‍රීඩාව බුද්ධිය වගේම තර්ක ශක්තිය වර්ධනය සදහා ඉවහල් වෙනවා.. ඉතින් චෙස් වැඩ්ඩොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් එක්ක කරට කර Play කරන්න කෙනෙක් නැති එක.. ඉතින් මේ Yaa Chess කියල කියන්නෙ Chess Play කරන්න දන්නෙ නැති අයට දැන ගන්න , Chess වැඩ්ඩන්ට මාස්ටර්ල වෙන්න වගේම Chess මාස්ටර්ලට P.H.D ගහන්න පුලුවන් සුපිරිම Game එකක්.. එහෙනම් ඔන්න පහළින් බා ගන්න.. බයවෙන්න එපා සුපිරි Game එකක් උනාට 1 MB වත් නෑ..



එහෙනම් ආයෙත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් Set වෙමු...


Thursday, May 15, 2014

මන්දගාමී පරිගණකයෙන් නැවතත් සුපුරුදු වේගයෙන් වැඩ ගමු.. ( AVG PC TUNE UP 2014 FULL )



අද දෙන්න යන්නෙ ඔයාගෙ මන්දගාමී වෙච්ච පරිගණකය නැවතත් සුපුරුදු වේගයෙන්ම වැඩගන්න පුලුවන් වටින Software එකක්.. ඇත්තම කාරනේ මේකනේ.... ඔයාගෙ පරිගණකය ගනිපු දවස් වල හිබුනු වේගය දැන් නැහැ නේද ? ඕක කාට කාටත් තියෙන ප්‍රශ්ණයක්.. ඔයාගෙ පරිගණකය මේ විදියට Slow වෙන්න කාරණා රාශියක් බලපානවා.. ඔයාගෙ පරගණකයට Software Install කරත්දි විවිධ විවිධ අනවශ්‍ය File පරිගණකය තුල ස්ථාපණය වෙනවා.. ඒ වගේම ඔයා Internet යත්දි ඔයා නොදැනුවත්වම විවිධ වැඩසටහන් පරිගණකයෙ Save වෙනවා.. ඒ වගේම ඔයා Save කරල තියෙන File වල අපිලිවෙල නිසා ඒවා සොයා ගැනීමට අපහසු වෙනවා.. මේ වගේ තව හේතු රාශියක් තියෙනව ඔයාගෙ පරිගණකය මන්දගාමී වෙන්න..

ඉතින් මේ අද ගෙනාපු Software එකෙන් මේ ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්.. ඇත්තටම මේක දාල තියෙනව කියන්නෙ ඔයාගෙ පරිගණකය දොස්තර කෙනෙක්ට පෙන්නනව වගේ වැඩක්.. පරිගණකයේ ලෙඩ ඔක්කොම හොයල මෙයා ලස්සනට බෙහෙත් දෙනවා..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගන්න..

 AVG Tuneup 2014


හැමදාම Use කරන්න පුලුවන් වෙන්න මේක දා ගන්න..



එහෙනම් අපි ගියා.. මේ වගේ වැදගත් තවත් Post එකක් එක්ක Set වෙමු.....

නිකරුනේ FB ඉන්න වෙලාවෙ Link Share කරල ගානක් හොයා ගමු ...



ඔන්න නිකරුනේ FB ඉන්න වෙලාවෙ පොඩි ගානක් හොයා ගන්න හැටියි අද කියල දෙන්න හිතුවෙ.. මුලින්ම කියන්න ඕනි මේකෙන් එක පාරටම මහා ලොකු ගානක් හොයන්න අමාරුයි.. එත් ටික කාලයක් වැඩේ කරගෙන ගියානම් ගින්නක් නැතුව ගානක් හොයා ගන්න පුලුවන්.. මේ Site එකේ නම තමයි Ad fly.. 

ඔන්න පහළින් ගිහින් Register වෙන්නකො එහෙනම්..


මේකෙන් ගානක් හොයා ගන්නෙ මෙහෙමයි.. ඔයා FB ඉන්නකොට විවිධ විවිධ Link Share කරනවනේ.. අන්න ඒ ඔයා Share කරන Link වලින් ගානක් හොයන්න පුලුවන් මේකෙන්.. මේ Site එකෙන් කරන්නෙ ඔයාල දෙන Link කෙටි කරල දෙන එක.. එතකොට ඒ Link එක හරහා ගිහින් Skip Add Click කලාම ඔයාට සල්ලි හමු වෙනවා.. හරි ලේසි වැඩක් තියෙන්නේ.. 

වැඩේ කරන හැටි තවත් පැහැදිලි වෙන්න පහළ තියෙන Screen Shot එකත් බලන්න..


( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න )

ඉවසීමෙන් ටික කාලයක් වැඩේ කලානම් නිකරුනේ FB ඉන්න වෙලාවෙන් පොඩි ගානකුත් හොයා ගන්න තිබුනා.. ඔයාට කැමති විදියට Link Short කරල සල්ලි හොයන්න පුලුවන්.. මේකට FB ම වෙන්න ඔනි නෑ.. අනිත් ඔනිම Site එකක තියෙන Link එකක් Short කරල තව කෙනෙකුට දීල සල්ලි හොයන්න පුලුවන්.. ඔයාගෙ Short කරපු Link Share කරන්න Google+ , Twitter වගේ ඕනි නෙට්වර්ක් එකක් භාවිතා කරන්න පුලුවන්.. මේකෙන් Paypal එක හරහා HNB Card එකෙන්  අතට සල්ලි ගන්න පුලුවන් කියල නම් Sure.. එහෙනම් Try කරල බලන්න..

තවත් Post එකකින් හමු වෙමු...

තාරාවන්ට වෙඩි තියල දිනමුද ? නියම Game එකක්...



ඔන්න අද ගෙනාව තවත් වටින පුංචි Game එකක්.. ඇත්තට මේක පට්ට ආතල් Game එකක්.. පුංචි Game එකක් උනාට මාරයි.. මේ Game එක සිංහල භාෂාවෙන් තියෙන නිසා තවත් ලේසීයි.. ඔයාට කරන්න තියෙන්නෙ තාරාවන්ට වෙඩි තියන්න..

ඉතින් ඔන්න පහළ තියෙනවා.. බාගෙනම බලන්න.. මේකෙ තියෙන්නෙ 2 MB වගේ පුංචි ප්‍රමාණයක්.. 



ඔන්න Screen Shot එකකුත් පහළ තියෙනවා.. ගහලම බලන්නකො එහෙනම්..



මේකට ඔයාගෙ පරිගනකයෙ Flash Player එක ස්ථාපනය කරල තියෙන්න ඕනි.. එක නැත්නම් පහළින් බා ගන්න..


එහෙනම් තවත් මේ වගේ Post එකක් එක්ක Set වෙමු...

Wednesday, May 14, 2014

ඔයාගෙ Desktop එකටත් පිනි බිංදු ....




ඔන්න තවත් පට්ට Software කෑල්ලක් තමයි අද අරන් ආවේ.. අපි කවුරුත් කැමතියි නේ ලස්සන Desktop එකක් තියා ගන්න.. ඉතින් මේ පුංචි Software කෑල්ලෙන් ඔයාගෙ Desktop එකට අමුතුම ලස්සනක් ගෙනෙයි..

මතක නේ අපි කලින් දුන්න Desktop එකට වතුර පුරවන්නෙ කොහොමද කියල.. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න..

අදත් දෙන්න යන්නෙ ඊට ටිකක් වෙනස් Item එකක්.. මේකෙන් පුලුවන් ඔයගෙ Desktop එකෙන් පිනි බිංදු වැටෙනවා වගේ අමුතුම Item එකක් දෙන්න.. ඔන්න පහල තියෙන Screen Short එක බලන්නකෝ.. එතකොට තවත් පැහැදිලි වෙයි.. ඉතින් Desktop එකට අමුතු ගතියක් එක්ක මේ පිනි බිංදු එකින් එක පහලට කඩන් වැටෙයි..



ඔන්න පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්න කෝ.. මේකට ඇත්තටම Ram Use කරන්නෙ නැති තරම් , Ram එකට දැනෙනෙවත් නෑ..



එහෙනම් මේ වගේ තවත් වැදගත් Post එකක් එක්ක හමු වෙමු.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා...

පොත් කියවන්න කම්මැලිද ? මෙයාට කියල කියව ගන්න. ඔයා අහගෙන ඉන්න.. හරිම ලේසියි...



ඔන්න අපේ යාලුවන්ට තවත් පට්ටම Software එකක් තමයි අද දෙන්න යන්නෙ.. අපේ ඉගන ගන්න කොල්ලො , කෙල්ලොන්ට නම් මේකෙ වටිනාකම කියා ගන්න බැරි වෙයි.. මේ Software එක තුලින් කරන්නෙ ඔයා ලියල තියෙන දේවල් කියවන එක.. ඔයාට ඕනි නම් ඒව MP3 File එකක් විදියට Save කරල පස්සෙ අහන්න ගන්නත් පුලුවන්.. 

අපි හිතමු ඔයා ලග English  වලින් තියෙන ලොකු පොතක් තියෙනව.. ඒත් කියවන්න ගියහම එපා වෙනව කියල.. ඉතින් ඒ වැඩේ මෙයාට බාර දෙන්න.. ඔයාට තියෙන්නෙ අහගෙන ඉන්න විතරයි.. එයා එක අකුරක්වත් Mis කරන්නෙ නැතුව පොත කියවල දෙනවා. මේකෙන් Text File , PDF File , Word Document , HTML File , මේ වගේ තව File Type වර්ග ගොඩකින් තියෙන File මෙයා කියවල දෙනව..

ඒ විතරක් නෙමෙයි.. මෙයාට තව English , French , German , Korean ,Russian , Ukrainian වගේ භාෂාවන් රාශියක් පුලුවන්..  ඒත් මෙයාට සිංහල නම් කියවන්න බෑ... ඒ උනාට English වලින් තියෙන දේවල් එහෙම කියව ගන්න මේක ගොඩක් වටිනවා..

අනිත් වාසිය තමයි මේක පරිගණකයට Install කරන්න ඕනි නෑ.. නිකම්ම Run කරන්න පුලුවන්.. ඒ වගේම ඔයාගෙ Pen එකට දා ගෙන ගිහින් වෙන ඕනිම පරිගණකයක උනත් Use කරන්න පුලුවන්..

ඔන්න ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් බා ගන්නකො එහෙනම්.. කොච්චර වටින භාණ්ඩයක් උනත් 9 MB වගේ පුංචි ප්‍රමාණයක් තියෙන්නෙ.



ඔන්න මේකෙන් වැඩ කරන හැටි පහළින් Screen Shot එක්කම තියෙනවා.. කරලම බලන්නකෝ...

  • Download කරගත් File එක Extract කර Highlight කර ඇති Icon එක Click කර Open කරගන්න..
( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න. )
  • ඔබට කියවීමට අවශ්‍ය File එක Open කරගන්න..

  • කියවිය යුතු කොටස Select කරන්න..
  • ඔබට කියවීමට කැමති කටහඩක් තෝරාගන්න.. 

  • MP 3 File එකක් විදියට Save කිරීමට මෙහි ඔබන්න..
  • දැන් ඉහළ ඇති  Play Button එක ඔබන්න..


මේ වගේම තවත් වැඩගත් Post එකක් එක්ක ලගදිම Set වෙමු.. මේ Post එක වැඩගත් උනා නම් පහළින් Comment එකකුත් දාගෙනම යන්න..


Monday, May 12, 2014

අපේ Graphic Card එකේ තොරතුරු සහ පරිගණකය ගැන වැදගත් තොරතුරු රාශියක් එකම තැනකින් බලාගමු...



ඔන්න ගොඩ දවසකින් අපේ යාලුවන්ට PC Tricks කෑල්ලක් කියල දෙන්න බැරි උනානේ.. ඉතින් එක නිසා අද ඔයාල පොඩි Item එකක් කියල දෙන්නයි හිතුවෙ.. ඔයාලගෙ PC එකේ එහෙම නැත්නම් Lap එකේ Graphic Card එක ගැන කට්ටිය විස්තර දන්නෙ නැහැනෙ ගොඩක් වෙලාවට.. Lap එකේ Hard එක ගැන , Ram එක ගැන නම් ලේසියෙන්ම බලා ගන්න පුලුවන්.. එකටනම් ඉතින් My Computer Icon එක උඩ Right Click කරල Properties ගියානම් ඔය විස්තර ටික ඔක්කොම එනව නේ.. එත් මෙතන ඔයාගෙ Graphic Card එකේ Size එකවත් ඒ ගැන විස්තරයක්වත් පෙන්නනෙ නෑ..

ඔන්න ඉතින් අද කියනව කොහොමද ඔයාගෙ Graphic Card එකේ විස්තර බලාගන්නෙ කියල.

  • මුලින්ම Run Command එක Open කරගන්න.. ( Win Key + R )
  • දැන් එතන dxdiag කියල Type කරල Enter කරන්න.
  • ඊලගට එන MSG එකේ Yes Click කරන්න.
  • දැන් ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි..

                                     
                                          ( රූපය අපැහැදිලි නම් එක මත click කරන්න. )


  • ඒකෙන් Display කියන එක ‍තෝරන්න..එතකොට ඔයාගෙ Graphic Card එක ගැන සම්පූර්ණ විස්තරයක් එනව..
  • ඒ විතරක් නෙමෙයි ඕකෙන් ඔයාගෙ PC / Lap එක ගැනත් වැදගත් විස්තර ටිකක් බලාගන්න පුලුවන්.. ඔය Tab අතර මාරු වෙලා බලන්න.
  • ඔයාට Drivers හොයනකොට එහෙම වැදගත් වෙන මේ විස්තර ටික ඔය යට තියෙන Save All Information කියන එකෙන් Save කරල තියන්නත් පුලුවන්..
  • ඔන්න පහළ තියෙනව Screen Shot එකක් තේරෙන්නෙ නැත්නම් ඒකත් බලන්න.



( රූපය අපැහැදිලි නම් එක මත click කරන්න. )

අපේ ඔය Game ගහන අයියලට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි..මොකද ඔය වැඩේට ඔය Graphic Card එකේ Size එහෙම ඉල්ලනවනේ..

එහෙනම් තවත් Post එකකින් Set වෙමු..

Sunday, May 11, 2014

Key Board එකෙන්ම CD / DVD Rom එකත් අරිමු...



ඔන්න අදත් අලුත්ම ගැජට් කෑල්ලක් අරගෙන තමයි ඔයාල හමුවෙන්න ආවෙ... ඇත්තටම මේකෙ තියෙන්නෙ 450 KB වගේ උනාට මේ ගැජට් එකේ වටිනාකම නම් පුංචි නෑ..



මේ පුංචි Software කෑල්ලෙන් පුලුවන් කරදරයක් නැතුව ඔයාගෙ CD / DVD Rom එක Key Board Shortcut එකකින් Open කරගන්න.. නැත්නම් ඔයා වැඩක් කරන වෙලාවක CD Rom එකේ Door එක Open කරන්න ගියාම කරදරයි නේ..මේක දැම්මට පස්සෙ ඔය කරදරේ නෑ.. එහෙනම් පහළ තියෙන Link එකෙන් බා ගන්න

Serial Key / Crack මොනවත් ඕනි කරන්නෙ නෑ.. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්..

  • Software එක Install කරගෙන ඔයාගෙ ඔය පහළ රූපෙ තියෙන Icon එක ඇති.. ඒක උඩ Right Click කරල Hot Key කියන එක ඔබන්න..



  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි. ඒකෙන් ඔයාට කැමති Shortcut Key එකක් ‍තෝරන්නකො..



  • දැන් පොඩි OK පාරක් දෙන්න..


දැන් ඔයා ‍තෝරපු Shortcut Key එක ඔබල බලන්නකො මොකද වෙන්නෙ කියලා..

එහෙනම් අපි ගියා.. තවත් Post එකකින් හමු වෙමු..

Saturday, May 10, 2014

Irregular Verbs හොයා ගන්න මේ තරම් ලේසි ක්‍රමයක් තව කොයින්ද ? (Irregular Verbs Finder)



ඔන්න ඔයාලට පට්ටෙටම වැදගත් වෙන පුංචි Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ.. Topic එක දැක්කම තේරෙනව ඇති නේ.. අපිට නිරන්තරයෙන් එදිනෙදා කටයුතු වලට ඉංග්‍රීසි භාෂාව යොදා ගන්න වෙනව නේ.. ඉතින් ඔයාගෙ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න මේ Software එක ගොඩක් වැඩගත් වෙයි.. 




  • ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs).
  • එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)
  • Eg: Go , Went , Gone / Write, Wrote , Written


මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.
Install කරන්න ඕනෙත් නෑ..පොඩි KB ගානක් තියෙන්නෙ බාගෙනම බලන්න.. 


මේ වගේ වටින Post එකක් එක්ක ආයෙත් හමු වෙමු..