Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 17, 2014

මොකද කියන්නෙ.. FB එක සිංහලට හරවගමුද ?



මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන් උනා.. සමහරුනම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති... අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්‍රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ.. Settings වලින් Language එක සිංහලට මාරු කරගන්නයි තියෙන්නෙ.. ඔන්න පහළ පැහැදිලිව Screen Shot එක්කම තියෙනව වැඩේ ගොඩ දා ගන්න හැටි..

  • මුලින්ම ඔයාගෙ Account එකේ Home එකට යන්න..
  • දැන් ටිකක් පහලට එනකොට දකුණු පැත්තෙ පොඩියට ඇති English කියල එතන click කරන්න.. ඔන්න ඔය පහළ රූපෙ සිංහල කියල තියෙන තැන..



  • දැන් ඊලගට Open වෙයි භාෂා ගොඩක් තියෙන Page එකක් .. ඒකෙන් සිංහල ‍තෝරන්න..


  • එතකොට ඔන්න ඔය පහළ තියෙනවා වගේ සිංහල භාෂාවෙන් FB යන්න පුලුවන් ලස්සනට...



එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු...