Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 6, 2014

MS Office වල සිංහලෙන් Type කරත්දිත් Spelling Check කරමුද ?




ඔන්න තවත් අලුත්ම වැඩ කෑල්ලක් තමයි අද අරගෙන අවේ.. MS Word වල තියෙන Spelling Check වැඩ සටහන ගැන නොදන්න කෙනෙක් නැහැ නේ ඉතින්.. සරලව කියනවනම් අපි ඉංග්‍රීසියෙන් Type කරත්දි අපි Type කරන Word වල Spelling වැරදිනම් රතු පාටින් Underline වෙලා වැරදි වචනෙ උඩම Right Click කලාම නිවැරදි වචනෙ අපිට හොයල දෙන්නෙ... මෙච්චර කල් එම සේවාව අපේ සිංහල Typing වලට තිබුනෙ නැහෙනේ.. ඔන්න ඔය Spelling Checker වැඩ සටහන සිංහල Typing වලටත් දා ගන්න හැටි පහළ තියෙනවා.. දාගෙනම බලන්නකො කොච්චර වටිනවද කියලා ...

  • මුලින්ම ඔය පහල තියෙන Link එකෙන් ගිහින් Microsoft Office Language Interface Pack Sinhala 2013 කියන වැඩසටහන බා ගෙන Install කරගන්න..12 MB තමයි තියෙන්නෙ.. ( පහළ Download Button එක Click කර තප්පර 5 කින් පසු දකුණු පස ඉහල ඇති Skip Add යන්න ඔබා බාගත කිරීම සිදු කරන්න..



  • එය Install කිරීමෙන් පසු පහළ Link එක ඔස්සේ ගොස් Microsoft Office සෝදුපත් මෙවලම් 2013 බාගත කර ස්ථාපනය කරගන්න..



  • මෙය ස්ථාපනය කිරීමෙන් අනතුරුව MS Office මෘදුකාංගය Open කර Language යටතේ ඇති Set Proofing Language යන්න තුලින් සිංහල ආදේශ කර ගත යුතුය.. ( මෙය MS Office 2013 මෘදුකාංගය තුලින් බොහෝ විට ස්වයංක්‍රීයවම සකසා ගනී. )


මෙම වැඩසටහන MS Office 2007 , 2010 , 2013 යන සංස්කරණ සදහා හොදින් ක්‍රියාත්මක වේ..



දැන් ඔබ Sinhala Unicode භාවිතා කරමින් ලිපි සැකසීමේදී Word , Exel , Access , Power Point  යන වැඩසටහන් තුලදී සිංහල අක්ෂර දෝෂ නිරාකරණය කිරීම සදහා Right Click කර මෙය භාවිතා කල හැක..

එහෙනම් මොනව හරි අව්ලක් තියෙනම් Comment එකක් දාන්න..තවත් වැඩගත් Post එකකින් Set වෙමු