Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 26, 2014

දැන් කියවන්න බැරිනම් පස්සෙ කියවන්න තියා ගන්න.. ( Read Later Fast )



ඔන්න ආයෙත් තවත් වටින Post එකක් තමයි අද අරන් ආවේ... අපි පහුගිය දවස් ටිකේ දැක්ක කට්ටිය අපේ Post උස්සල එයාලගෙ වගේ දාගෙන තියනවා.. ඔන්න ඉතින් අද ගෙනාවෙත් අලුත්ම Post එකක්.. කොහෙන්වත් උස්සපු එකක් නම් නෙමෙයි.. 

හරි දැන් මේ Post එක ගැන විස්තර කරන්නම්කො....

ඔයාල Internet එකේ ඉන්න වෙලාවට ඔයාලට ගොඩක් වටින ලිපි හමු වෙනවා.. ඒත් ඒව කියව ගන්න වෙන්න නෑ.. එක්කො ඔයාගෙ Data කැපෙනවා.. නැත්නම් කියවන්න තරම් මේ වෙලාවක් නෑ.. පස්සෙ බලන කොට ඉතින් මේ වැදගත් ලිපිය Miss වෙලා,... ඉතින් ඔන්න ඕකට විසදුමක් තමයි අද අරන් ආවේ.. මේක තුලින් ඔයාට Internet Connection එක නැතුව ලිපි කියවන්න පුලුවන්...

මේ වැඩේට ඕනි කරන්නෙ Google Chrome Browser එක..ඒක නැත්නම් ඔන්න පහලින් බා ගන්න..

 chome


මේක Chrome Extension එකක්.. පොඩි KB ගානක් තමයි යන්නෙ.. ඒත් වටිනාකම නම් පොඩි නෑ..ඔන්න පහළ Link එකෙන් ගිහින් ඔයාගෙ Chrome Browser එකට දා ගන්නකෝ..

 read fast


ඔය Extension එක දා ගත්තට පස්සෙ ඔයාට පස්සෙ කියවන්න ඕනි කරන දෙයක් අන්තර්ජාලය තුලදි හමු උනොත් Right Click කරල ඒකෙ යට තියෙන Read Later කියන එක දෙන්න... ඔන්න පහළ තියෙනව Screen Shot එකක්.. අපැහැදිලි නම් ඒකත් බලන්නකෝ...



දැන් ඉතින් අව්ලක් නෑ.. ඔයා Read Later දාපු Note එක ඔයාට ඕනි වෙලාවක බලන්න පුලුවන්..

මේක අපි පස්සෙ බලන්නෙ කොහොමද කියලත් කියල දෙන්නම්..

  • මුලින්ම ඔයාගෙ Chrome Browser එක Open කරගන්න..
  • දැන් Browser එකේ උඩම තියෙන App Launcher එක ඔබන්න... 
  • ඊළගට ඒකෙ තියෙන Read Later කියන Icon එක ඔබන්න.. අපැහැදිලි නම් පහළ රූපය බලන්න..



  • ඊළගට ඔය පහළ තියෙන Window එක Open වෙයි.. ඒකෙන් ඔයාට කියවන්න ඕනි එක Click කරන්න.. එච්චරයි..



අනික අපි පස්සෙ කියවන්න දා ගනිපු ඒවා කියවන්න අන්තර්ජාල පහසුකම ඕනි කරන්නෙ නෑ.. ඒක නිසා Data ටිකත් ඉතුරුයි.. 

මම හිතනවා මේක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා.. එහෙනම් ඉතින් Comment එකක් දාල යන්න පහළින්.. තවත් මේ වගේ වටින Post එකක් එක්ක Set වෙමු...