Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 20, 2014

File Explorer එකේදි Video වල Preview එක පෙන්නන්නෙ නැත්ද ? ඔන්න එහෙනම් හදාගන්න විදිය..

ඔන්න අපේ යාලුවන්ට තියෙන තවත් ගැටලුවකට තමයි අද විසදුම් දෙන්න යන්නේ.. අපේ ගොඩක් යාලුවො අහපු දෙයක් තමයි File Explorer  එකේ Thumbnail දැම්මම සමහර Video වල Preview එක පෙන්නනවා ඒත් සමහර ඒවට එහෙම පෙන්නන්නෙ නෑ කියන එක..

ඉතින් ඕකට විසදුම තමයි මුළින්ම ඔය පහළ තියෙන Software එක බාගන්නකෝ..
Media Preview

  • දැන් ඕක Install කරගන්න..
  • දැන් ඔය පහළ Image එකේ තියෙන විදියට Select All දීල Apply කරන්න..


 
දැන් ඉතින් බලන්නකො ලස්සනට සේරම Video වල Preview එක පෙන්නයි..

දන්නවනේ අලුත්ම දේවල් කාටත් කලින් ඔයාලට දෙන්නෙ කනපිටමාර්ට් අපි කියලා.. එහෙනම් Comment එකක් එහෙම දාල යාලුවන්ට බලන්න Share පාරකුත් දාගෙනම යන්න..


Friday, December 19, 2014

Youtube ඇතුලු Online Video Play වෙන Site වලදි IDM Download Icon එක පෙන්නන්නෙ නැත්ද ? මෙන්න එහෙනම් විසදුම...



අපේ ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවක් තමයි වීඩියෝ Online Play උනාට Download කරගන්න IDM Icon එක එන්නෙ නැති එක.. එහෙමත් නැත්නම් පොඩි KB ගානක් තමයි Video එකේ Download Msg  එකේදි එන්නේ..



ඉතින් ඔහොම වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාල Use කරන Firefox නැත්නම් Google Chome Browser එකේ Version එකත් එක්ක නිවැරදිව IDM Extension එක ක්‍රියාත්මක නොවීම..

ඉතින් මෙන්න මේකට 100% සාර්ථක විසදුම අපි දෙනවා..

මුලින්ම ඔය පහළ තියෙන File එක බාගන්න..

Firefox සදහා මෙතනින් ගන්න.
Google Chome සදහා මෙතනින් ගන්න..
  • දැන් ඔයා Download කරගත්ත එක Extract කරගන්නකෝ..
  • ඊළගට ඔයාගෙ Browser එක Open කරලා IDM CC එක ඇදල ඔයාගෙ Browser එකට දාගන්න..
  • දැන් Install Msg එකක් එයි.. ඒකෙන් Install කරගන්න..
  • දැන් Browser එකේ Extension වලට ගිහින් IDM එක Enable කරගන්න..
 

 
  • දැන් ඉතින් Browser එක Close කරලා ආයෙත් Open කරගන්න.

එහෙනම් ඔන්න ඔහොමයි ඔය අව්ල විසදගන්නෙ. මේ Post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා.. එහෙනම් Comment එකක් එහෙම දාල යාලුවන්ට බලන්න Share පාරකුත් දාගෙනම යන්න..

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු...


ඕනම Photo එකක් ගේමක් නැතිව පැන්සලෙන් අදිමු.. ( Photo Sketch )



ඔන්න තවත් නියම Software එකක් තමයි දෙන්න යන්නේ. මේකෙන් පුලුවන් ඕනිම Photo එකක් Pencil Art එකක් විදියට හදාගන්න.. නැත්නම් පැන්සලකින් ඇන්ද වගේ කරගන්න.. කිසි ගේමක් නෑ.. Software එක Open කරල තමන්ට ඕනි ඵොටො එක දාල Create Sketch කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් අරගන්න.

Photo Sketch

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. 


Thursday, December 18, 2014

ඔන්න Windows 10 ජනවාරි 21 නිකුත් කරනවා....



අපේ යාලුවො ගොඩ දෙනෙක් බලන් හිටපු වින්ඩෝස්ලගෙ අලුත්ම OS එක තමයි Windows 10 කියන්නේ.. ඉතින් මතක ඇතිනේ මීට කලින් අපි දුන්න Windows 10 Technical Preview එක.. ඒක බෑලුවෙ නැත්නම් මෙතනින් බලන්න..

ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නෙ Windows Technical Preview එක භාවිතා කරපු අය දැනුම් දුන්න ප්‍රදාන ගැටලු 1300 කට විතර සාර්ථක විසදුම් එක්ක තමයි මේ Windows 10 අලුත්ම සංස්කරණය නිකුත් කරනවා කියලා..

ඉතින් මේ ගැන Technical Preview එක පාවිච්චි කරපු අයටනම් හොද අව්බෝධයක් ඇති.. ඉතින් ‍රැදිල ඉන්න අපි සමග.. අපි ඉක්මනින්ම අලුත්ම OS එකත් දෙන්නම් ඔයාලට...


මෙන්න මෙහෙමයි Photos වල තියෙන අකුරු Copy කරලා අරන් MS Word වලට Paste කරගන්නෙ... ( MS One Note )



ඔන්න අපි තවත් අලුත්ම වැඩකෑල්ලක් ගැනයි කියන්න යන්නෙ.. අද කියන්න යන්නෙ කොහොමද Photo එකක තියෙන අකුරු ටික කොපි කරලා අරන් MS Office වගේ මෘදුකාංගයකට Paste කරගන්නෙ කියලා.. එතකොට ඉතින් ගල්කොපි ගහන කලාව තවත් දියුණු වෙනවනේ..

ඉතින් හැමෝගෙම වගේ ලග MS Office තියෙනවනේ.. ඉතින් අපි මේ වැඩේට යොදා ගන්නෙ ඔය MS Office Package එකත් එක්කම එන ඒ උනාට වේලි වේලි ඉන්න MS One Note වලින්.. මේක සාමාන්‍යයෙන් Office Package එකත් එක්ක එනවා...  එහෙම නැත්නම් ඔය පහළින් බාගන්න..



හරි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා.. ඔන්න මම Image එක්කම වැඩේ කෙරෙන හැටි දාල තියෙනවා තවත් පැහැදිලි වෙන්න...
  • මුලින්ම Microsoft Office OneNote Open කරගන්න..
 
  • දැන් Insert ----> Picture වලින් ඔයාට Text එක ගන්න අවශ්‍ය Photo එක Open කරගන්න...
 
  • දැන් ඔයා Open කරගත්ත Image එක මත Right Click කරලා Copy Text From Picture කියන එක Click කරන්න..
 
  • දැන් ඉතින් MS Word හරි නැත්නම් NotePad හරි ඔයාට මේ Text එක Paste කරගන්න ඕනි එකට Paste කරගන්න..

එහෙනම් ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ..

සැලකිය යුතුයි - මෙය Image වල ඇති සිංහල අකුරු Copy කරගැනීම සදහා භාවිතා කල නොහැකි අතර ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් Copy කරගැනීමට පමණක් භාවිතා කල හැකිය..

එහෙනම් අපි ගියා.. පෝස්ට් ව්ක වැදගත් වෙන ඇති කියල හිතනවා.. එහෙනම් Comment එකක් එහෙමත් දාලම යමු...


Tuesday, December 16, 2014

අංශක 360 ම නෙට් එකේ රව්ම් ගහන්න අපෙන් 360 Browser..



ඔන්න තවත් අලුත්ම දෙයක් තමයි අපේ යාලුවන්ට හැමදාම වගේ අදත් අරන් ආවේ.. අද දෙන්න යන්නෙ තවත් අලුත් ඒ වගේම සුපිරි Browser එකක්.. මේකෙ නම තමයි 360 Browser.. ඔයාල දන්නවනේ අලුතෙන් ආපු 360 Anti Virus මෘදුකාංගය ගැන.. ඒ කස්ටියම තමයි මේකත් ඔයාලට දෙන්නේ.

ඔන්න එහෙනම් මුලින්ම පහළ Link එකෙන් බාගන්නකෝ..
360 browser


මේකෙදි ඔය කරදරකාරී දැන්වීම් වලින් එහෙම බේරිලා නෙට් යන්න පුලුවන්.. ඒ වගේම තමන් ඇතුලු වෙන, Download කරන සියලු දේ තුලම පරිගණකයට අහිතකර විවිද වැඩසටන් අන්තර්ගතඩ කියලා මුලින්ම බලනවා.. ඉතින් මේ වගේ තවත් ගොඩක් වැඩ මේකෙත් තියෙනවා..

සේරම ඉතින් කියන්නත් බැහැනේ.. Download කරල කොහොමද කියලා අපිටත් Comment එකක් දාන්නකෝ...එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු..


Monday, December 15, 2014

අලුත්ම අලුත් Google Chome 39.0.2171 ඔන්න Offline Setup එක අපෙන්..



Google Chome ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. ලොකයේ වැඩිම පිරිසක්  භාවිතා කරන Web Browser අතර ඉහලින්ම ඉන්නෙ Google Chome තමා. ඉතින් Google සමාගම විසින් මේකෙ අතුත්ම සංස්කරණය Google Chome 39.0.2171 විදියට නිකුත් කලා..

ඉතින් මේක සාමාන්‍යයෙන් දෙන්නෙ නෙට් Connect වෙලා Install කරගන්න Online Installer එකක්.. ඒත් අපි දෙනව නෙට් ඇතත් නැතත් Install කරන්න පුලුවන් Offline Installer එකක්..

එහෙනම් පහළින් බාගන්න.. ( 41 MB ) 

Chome 39


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්නත් එපා..


Sunday, December 14, 2014

කොයිකාටත් නැතිවම බැරි Flash Player එකේ අලුත්ම එක Offline Install කරමු...



ඔන්න අපි අද තවත් වැදගත් ලිපියක් අරන් ආවා.. මතක ඇතිනේ මීට කලින් අපි Adobe Flash Player එක දුන්න.. ඉතින් අද දෙන්නෙ ඒකෙ අලුත්ම Version එක..

ඒ විතරක් නෙමෙයි අපි දෙන්නෙ Offline Installer එකක්.. ඒක නිසා නෙට් ඇති නැති ඕනිම තැනකදි Install කරන්න පුලුවන්.. දන්නවනේ ෆ්ලෑෂ් ප්ලේයර් කියන්නෙ Youtube ඇතුලු ගොඩක් වෙබ් අඩවි වලදි අපට වීඩියෝ Online Play කරගන්න නැතුවම බැරි Player එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 17 MB )

Flash Player 16


මෙතනදි අපි රතු පාටින් රවුම් කරල තියෙන තැනින් ඔයාට අදාල එක Download කරගන්න.. 



එහෙනම් අපි ගියා.. තවත් වටින කියන දේවල් අරගෙන ලගදිම හමු වෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග, පරිගණක ගැන හොදම දේ එකම තැනින්.


ඔන්න වීඩියෝ Download කරන්න කියාපු භාණ්ඩේ.. ( 4K )



තවත් වටින කියන Software එකක් තමයි අදත් අරන් ආවේ.. අපේ යාලුවො Online Play වෙන Video Download කරන්නෙ IDM වගේ Software එකක් නේ.. නැත්නම් Youtube Downloader එකක්..

ඉතින් අපි අද දෙන්නෙ මේ වගේ Online Play වෙන Video බාගන්න පුලුවන් සුපිරි Software එකක්.. මේකෙන් ඕනිම Site එකක Online Play වෙන Video එකක් බාගන්න පුලුවන්.. ඒ වගේම සුපිරි Speed එකකුත් තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

4K Downloader


Try කරලම බලන්නකො කොහොමද කියලා.. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග..


Friday, December 12, 2014

ඔන්න සිංහල භාෂාවත් ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) වෙත එකතු වෙයි...



අපේ රටේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි මේක.. ඔන්න දැන් සිංහල භාෂාවත් ගූගල් සමාගම තමන්ගෙ භාෂා අතරට එකතු කරගෙන.

ඔන්න මම Screen Shot එකකුත් දැම්ම, ඒක Click කරල බලන්න කොහොමද කියලා..



ඉතින් Google Translate යනුවෙන් හදුන්වන්නෙ එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කරගන්න පුලුවන් මිල කල නොහැකි සේවාවක්.

ඉතින් දැන් ඔයාලට ඔය පහළ තියෙන Link එකෙන් Google Translate වෙබ් අඩවියට ගිහින් ඉංග්‍රීසි හිංදි ඇතුලු වෙනත් භාෂාවන් 90 කින් තියෙන දේවල් ලේසියෙන්ම සිංහලට පරිවර්තනය කරගන්න ලේසියෙන්ම පුලුවන්.. ඉතින් මේකෙන් අපේ ගොඩක් දෙනෙක්ගෙ වැඩ ලේසි වෙයි..

Google Translate


ඔන්න අපි මේ ගැන ඔයාලට කිව්වා.. ඔයාලත් මේක භාවිතා කරලම බලන්න කොයිතරම් වටින සේවාවක්ද කියලා.. ඉතින් මේ ගැන Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවක් එක්ක හමුවෙමු...

Wednesday, December 10, 2014

Disabled වෙච්ච Facebook ගිණුමක් නැවත ගන්නෙ මෙන්න මෙහෙමයි...



ඔන්න අපේ යාලුවො ගඔඩක් දෙනෙක් අපෙන් අහපු ගැටලුවකට තමයි අද විසදුමක් දෙන්න යන්නේ.. අපේ Facebook භාවිතා කරන ගොඩක් යාලුවන්ට ඇති වෙච්ච ගැටලුවක් තමයි FB Account එක Disable වීම.. ඉතින් මේක ගන්න ගොඩක් අය Try කලාට වැඩේ අසාර්ථක වෙනවා..

ඔන්න කනපිටමාර්ට් අපි කියල දෙනව කොහොමද Disable උණු Facebook ගිණුමක් නැවත ලබාගන්නෙ කියලා..
  • මුලින්ම ඔය පහළ තියෙන Link එකට යන්න...
Activate FB
  • දැන් ඔයා Facebook ගිණුම හදපු Email Address එක ඒ වගේම ඔයා සම්බන්ධ කරගන්න පුලුවන් වෙනත් Email Address එකකුත් දෙන්න...
  • දැන් ඔයාගෙ සම්පූර්ණ නම හා උපන්දිනය දෙන්න...
  • ළගට ID එකේ Copy එකක් එතනට Upload කරන්න ඕනි.. ඉතින් අපේ ID එකේ සියලු තොරතුරු සිංහලෙන් තියෙන නිසා ඒක වලංගු වෙන්නෙ නෑ.. ඒක නිසා පාස්පොට් එකේ හරි රියදුරු බලපත්‍රයේ Scan Copy එකක් Upload කරන්න..
  • දැන් Send කරන්න..


දැන් ඉතින් ඔයා සත්‍යය තොරතුරු දීල තියෙනම් දවස් දෙකකින් වගේ ඔයාගෙ FB ගිනුම අයෙත් ලැබේවි..

මොනව හරි ගැටලුවක් තිබුනොත් අපේ Chat Room එක හරහා අපෙන් අහන්න... එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග...


Tuesday, December 9, 2014

Photoshop වෙනුවට තවත් සුපිරි ග්‍රැ‍ෆික් වැඩ්ඩෙක්...



Photoshop කියන්නෙ කවුරුත් දන්න සුපිරි Photo Editing Software එකක් නේ.. නමුත් Photoshop නොමිලෙ නම් දෙන්නෙ නෑ.. ඒක නිසා ඉතින් Crack එකක් දාගන්නම වෙනව වැඩ ගන්න..



ඔන්න ඉතින් Photoshop වෙනුවට නොමිලේ දෙන තවත් සුපිරි Photo Editing Software එකක් තමයි Gimp.. ඉතින් Photoshop වල තියෙන ගැජට් සේරම වගේ මේකෙත් තියෙනවා.. වැඩ කරන්නත් පහසුයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකො.. ( 85MB )

Gimp EXE

යන යන තැන අරන් යන්න Portable Version එක පහළින් බාගන්න.. ( 19 MB )
Gimp Portable

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින්.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග..