Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 18, 2014

මෙන්න මෙහෙමයි Photos වල තියෙන අකුරු Copy කරලා අරන් MS Word වලට Paste කරගන්නෙ... ( MS One Note )



ඔන්න අපි තවත් අලුත්ම වැඩකෑල්ලක් ගැනයි කියන්න යන්නෙ.. අද කියන්න යන්නෙ කොහොමද Photo එකක තියෙන අකුරු ටික කොපි කරලා අරන් MS Office වගේ මෘදුකාංගයකට Paste කරගන්නෙ කියලා.. එතකොට ඉතින් ගල්කොපි ගහන කලාව තවත් දියුණු වෙනවනේ..

ඉතින් හැමෝගෙම වගේ ලග MS Office තියෙනවනේ.. ඉතින් අපි මේ වැඩේට යොදා ගන්නෙ ඔය MS Office Package එකත් එක්කම එන ඒ උනාට වේලි වේලි ඉන්න MS One Note වලින්.. මේක සාමාන්‍යයෙන් Office Package එකත් එක්ක එනවා...  එහෙම නැත්නම් ඔය පහළින් බාගන්න..



හරි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා.. ඔන්න මම Image එක්කම වැඩේ කෙරෙන හැටි දාල තියෙනවා තවත් පැහැදිලි වෙන්න...
  • මුලින්ම Microsoft Office OneNote Open කරගන්න..
 
  • දැන් Insert ----> Picture වලින් ඔයාට Text එක ගන්න අවශ්‍ය Photo එක Open කරගන්න...
 
  • දැන් ඔයා Open කරගත්ත Image එක මත Right Click කරලා Copy Text From Picture කියන එක Click කරන්න..
 
  • දැන් ඉතින් MS Word හරි නැත්නම් NotePad හරි ඔයාට මේ Text එක Paste කරගන්න ඕනි එකට Paste කරගන්න..

එහෙනම් ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ..

සැලකිය යුතුයි - මෙය Image වල ඇති සිංහල අකුරු Copy කරගැනීම සදහා භාවිතා කල නොහැකි අතර ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් Copy කරගැනීමට පමණක් භාවිතා කල හැකිය..

එහෙනම් අපි ගියා.. පෝස්ට් ව්ක වැදගත් වෙන ඇති කියල හිතනවා.. එහෙනම් Comment එකක් එහෙමත් දාලම යමු...