Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 23, 2014

හාඩ් ඩිස්ක් එක Format නොකර පාටිෂන් කරමුද ?


ඔන්න අපි අද තවත් වැඩ කෑල්ලක් තමයි කියල දෙන්න හිතුවේ. අද කියන්න යන්නෙ හාඩ් එක Format කරන්නෙ නැතුව, ඒ වගේම තමන්ගෙ Data වලටත් හානියක් නොවෙන විදියට කොහොමද Hard එකේ Free Space එකෙන් කොටයක් අරන් අලුත් පාටිෂන් එකක් හදා ගන්නෙ කියලා..

ඉතින් මේකට විවිද මෘදුකාංග තියෙනවා.. ඉතින් අපි අද කියන්නෙ කිසිම මෘදුකාංගයක් නැතිව Windows වලින්ම මේ වැඩේ කරගන්න විදිය..
  • මුලින්ම My Computer Icon එක මත Right Click කර Manage Click කරන්න.
 

 
  • දැන් Open වෙන Computer Management Window එකෙන් Disk Management යන්න Click කරන්න..
 

 
  • එතකොට ඔයාගෙ දැනට තියෙන පාටිෂන් ටික පෙන්නයි.. එතනින් ඔයාට වෙන් කරන්න ඕනි ඉඩ තියෙන පාටිෂන් එකේ Right Click කරල Shrink Partition දෙන්න.
 

 
  • දැන් ඔයාට අලුත් පාටිෂන් එකට එන්න ඕනි සයිස් එක හරියටම MB වලින් දෙන්න
 

 
  • දැන් Shrink Click කරන්න.
  • දැන් ආයෙත් බලන්න අර කලින් තිබුන පාටිෂන් List එක. ඒකට අලුතෙන් ඇවිත් ඇති Unallocated Space කියල එකක්.. අන්න එතන Click කරලා New Partition කියන එක ඔබන්න.

ඔන්න ඔහොමයි වෙන පාටිෂන් එකක කොටසක් හොරකම් කරලා අලුත් පාටිෂන් එකක් හදන්නේ.. එහෙනම් Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් Comment එකක් Share එකක් දාලම යන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපත් සමග