Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 18, 2016

ඔන්න රු. 95/= කට 3GB Data ඔයාලට..


අපේ යාලුවන්ට අද තවත් වාසි දායක අන්තර්ජාල පැකේජ් එකක් ගැන තමයි කියන්න යන්නේ.. මේ ගැන අපෙන් ගොඩ දෙනෙක් විස්තර අහපු නිසයි මේ Post එක ලියන්න හිතුවේ.. ගොඩක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති.. නොදන්න අයටයි මේ..

දැන් Dialog සම්බන්ධතාවයක් භාවිතා කරන ඔයාලට රු. 95/= කට 3 GB Data ලබාගන්න පුලුවන්.. ඔබට මෙම 3 GB Data ප්‍රමාණය හිමිවෙන්නේ රාත්‍රී කාලයේදී භාවිතා කරන්න.. ( රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ) ඒ වගේම මේ සමග තවත් 250 MB ඔයාලට හමුවෙනවා දිවා කාලයේදී ඉන්ටර්නෙට් යන්න.. ( උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා ) ඉතින් මේ පැකේජ් එක දින 7 ක් වලංගු වෙනවා..

ඉතින් මේ පැකේජ් එක Active කරගන්න හරි ලේසියි..

  • ඔබේ ඩයලොග් සම්බාන්ධතාවය රු. 95/= කින් recharge කරලා පැකේජ් එක Active කරගන්න පුලුවන්..
  • නැත්නම් INT95 කියලා Type කරලා 678 මැසේජ් එකක් යවන්න.. ඒත් හරි..
  • ඒ වගේම INTW95 කියල ටයිප් කරලා 678 යැවීමෙන් සෑම දෙන හතකට වරක්ම පැකේජ් එක ස්වයංක්‍රීයව Active වෙන්න හදාගන්න පුලුවන්..

Dialog Pre Paid අයට තමයි මේ වාසිය.. එහෙනම් ඉතින් දැන් නිදි මරාගෙන Internet යන්නයි තියෙන්නේ.. මේ වගේ තව පැකෙජ් ගොඩක් ගැන මෙතනින් කියවන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..