Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, September 27, 2015

මෙන්න මිනිස් ශරීරයට හානිකරම ජංගම දුරකතන.. බලන්න ඔබේ දුරකතනයත් එතන තියෙනවද කියලා...


අද කාලෙ ඉතින් ජංගම දුරකතනයක් නැති කෙනෙක් හොයන්නත් අමාරුයි නේ. එකක්නම් කමක් නෑ.. දෙක තුනක්... ඉතින් අපි පිලිගන්න අකමැති උනාට ඇත්තටම ජංගම දුරකතන අපේ ශරීරයට හානි කරනවා.. ඒ බව ලොව පුරා පර්යේෂකයින් විසින් සිදු කල පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා..ඊශ්‍රායලයේ පිහිටි Weizmann Institute of Science ආයතනය මගින් සිදු කල නවතම පරික්ෂණයක් මගින් මේ කාරණය තවත් සනාථ කරනවා.


 

ඉතින් අපි පහළින් පෙන්වාදෙන දුරකතන වරක් පාවිච්චි කලත් පිලිකා සෛල ඇති කිරීමට තරම් අහිතකරයි කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ.. ඉහළ විකිරණයකින් යුක්ත ජංගම දුරකතන මෙසේ ඔබේ ශරීරයට හානිදායක වෙනවා.. ඒ මන්ද යත් මෙසේ ජංගම දුරකතන මගින් නිකුත් කරන විකිරණ අපේ ශරීරය අවශෝෂණය කරගන්න නිසා.. SAR අගය කියලා කියන්නේ මෙසේ අවශෝෂණය කරගන්න ශීග්‍රතාවයටයි..

මුලින්ම ශරීරයට අහිතකර දුරකතන පහ කියන්න කලින් විකිරණ අවම ජංගම දුරකතන 5 කියන්නම්කෝ..

මෙන්න විකිරණ අවම ජංගම දුරකතන පහ..


  • Samsung Galaxy Note II N7100 ******* ( SAR Level - 0.17 )
  • Samsung Galaxy Note N7000 ******* ( SAR Level - 0.26 )
  • Samsung Galaxy Beam ******* ( SAR Level - 0.28 )
  • SonyEricsson Xperia Play ******* ( SAR Level - 0.36 )
  • Samsung Galaxy 551 ******* ( SAR Level - 0.38 )

අධික විකිරණශීලීතාවයකින් යුක්ත ඔබේ ශරීරයට හානිකර දුරකතන පහ..


  • MOTOROLA DROID MAXX ******* ( SAR Level - 1.54 )
  • MOTOROLA DROID ULTRA ******* ( SAR Level -   1.54 )
  • Motorola MOTO –e- SAR ******* ( SAR Level - 1.5 )
  • Alcatel One Touch Evolve. ******* ( SAR Level - 1.49 )
  • Huawei Vitria ******* ( SAR Level - 1.49 )

හරි එහෙනම් අපේ ශරීරයට හානිකර දුරකතන 5 වගේම හානිකර තත්වය අවම දුරකතන 5 ගැනත් කිව්වනේ..

ඔයාගෙ දුරකතනය මේ අතර නැතුව ඇති.. අධික විකිරනශීලීත්වයකින් යුත් තවත් දුරකතන මෙතනින් බලන්න පුලුවන්.. බලන්න ඔබේ දුරකතනයත් එතනද කියලා..

ඉතින් පහළින් ගිහිල්ලා ඔබේ දුරකතනයේත් විකිරණශීලීත්වය, ශරීරයට අහිතකර තත්වය බලාගන්න පුලුවන්..





ඔබේ ඊළග ජංගම දුරකතනය ගන්න කලින් මේ ගැනත් මොහොතක් සිතන්න.. SAR අගය පරික්ෂා කරලම දුරකතනයක් මිලදී ගන්න..

ජංගම දුරකතන පිලිපැදිය යුතු උපදේෂ කිහිපයකුත් කියන්නම්..

  • ඔබේ දුරකතනය සමග හැකි සෑම විටම Headset එකක් භාවිතා කරන්න..
  • ජංගම දුරකතන ඇමතුම් හැකිතාක් අඩු කරන්න.. ඒ වෙනුවට SMS පහසුකම භාවිතා කරන්න..
  • Low Radiation Phone එකක් භාවිතා කිරීමට වගබලාගන්න..
  • Speaker Phone Option එක භාවිතා කරන්න.
  • දුර්වල සංඥා පවතින විට ඔබේ දුරකතනය Off කරන්න..  ( සිග්නල් අඩු වීම නිසා වැඩි විමෝචනයකින් ඔබේ දුරකතනය සංඥා කුලුණු සමග සම්බන්ධ වීමට උත්සාහ කිරීම නිසා )

ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයි මේ දේවල් කිව්වේ.. මෙහි අනුවාදය මෙන්න මෙයාලගෙන්..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම Post එක ඔයාලට වැදගත් උනා නම් Comment එකක් දාගෙනම යමු..

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ වගේ හොදම දේවල් ඔයාලට දෙන්නේ කනපිටමාට් විතරයි.. සැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..