Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 7, 2015

වින්ඩෝස් වලදි වගේ Firefox එකෙත් Ctrl + Tab Switcher එකක් දාගමු..




ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Firefox වැඩ කෑල්ලක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවො හැමදෙනාම වගේ දන්නවනේ Windows වලදි Ctrl + Tab Key Press කරලා Windows Programme අතර මාරු වෙන්න පුලුවන් කියලා.. ඒක දැනගෙන හිටියෙත් නැත්නම් දැම්මම Ctrl + Tab Key එකවර ඔබලා බලන්න..

ඉතින් අන්න ඒ වගේ Ctrl + Tab Switch එකක් අපේ Firefox එකටත් දාගෙන අපිට පුලුවන් Tab අතර මාරුවෙන්න.. ඉතින් මේකට අමුතුවෙන් Software ඕනි කරන්නෙ නෑ..




ඔයාගෙ පරිගණකයෙත් Firefox නැත්නම් අලුත්ම එක පහළින් බාගන්න..


Firefox 41 Beta 6

වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි..
  • ඔයාගෙ Firefox Browser එකේ address Bar එකේ about:config කියලා Type කරලා Enter කරන්න..
  • දැන් I'll be careful, I promise ! Click කරන්න..
  • ඊළගට ctrl කියලා Search කරන්න..
  • දැන් browser.ctrlTab.previews කියන එක මත double Click කරලා False තියෙන Value එක True කරගන්න..
  • දැන් Ctrl + Tab Key Press කරලා බලන්න වැඩේ ගොඩද කියලා..

ඉතින් Firefox Browser එකේ මේ වැඩේ කරන ආකාරය වීඩියෝ එකක් මගිනුත් අපි කියලා දෙනවා.. පහළ වීඩියෝ එක බලන්නකෝ..




 

එහෙනම් අපි ගියා.. අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..