Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, October 15, 2015

ඔන්න කනපිටමාට් ලංකාවේ දෙවැනි තැනට ගෙනාවට ඔබ සැමට ස්තූතියි..


කනපිටමාට් අපි හැමදමත් ඔයාලට අලුත් අලුත් දේවල් ගැන කියලා දුන්නා.. ඒත් එක්කම ඔයාල හැමදාම අපිත් එක්ක ‍රැදිලා හිටියා.. බ්ලොග් එක ලියන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.. පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදම දේ අපි දුන්නා.. දැන් Post 560 ක් විතර අපි ඔයාලා වෙනුවෙන් ලියලා.. අපිට ඕනි උනේ පරිගණක භාවිතය සම්බන්ධව ඔබට තිබුණු දැනුම දශමයකින් හරි වැඩි කරන්න.. ඉතින් අපි හිතනවා අපිත් එක්ක සිටි ඔයාලා අපෙන් මොනවම හරි දෙයක් ඉගන ගන්න ඇති..

දැන් Page View ලක්ෂ හතරකට ආසන්නයි.. ඉතින් එකතුව.org එක සහා Radio කලුතර Team එකෙන් කරපු එකතුව බ්ලොග් සම්මාන සැනකෙලිය තාක්ෂණික අංශයෙන් තරග වැදුණු කනපිටමාට් අපිට ලංකවේ දෙවෙනි හොදම බ්ලොග් එක බවට පත් වෙන්න පුලුවන් වෙලා තියෙනවා.. මේ හැමදේටම අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලව වැදගත් උනා..

ඉතින් අපේ සයිට් එකේ දකින අඩුපාඩු එහෙම අපිට කියන්න.. හොද දේවල් ගැන අපිට කියන්න.. වෙනස් වෙන්න ඕනි තැන් අපිට කියන්න.. අඩු පාඩු හදාගෙන පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදම දෙයක් දෙන්න අපි සූදානම්.. ඒ ගැන ඔයාලගෙ Comment එක අපිට ගොඩක් වටියි..

අපේ Post Copy කරන අය ගොඩක් හිටියා.. ඒ වගේම අපිට බැනපු අය ගොඩක් හිටියා.. අපිව දිරිමත් කරපු අයත් ගොඩක් හිටියා.. ඉතින් මේ හැමෝටම ස්තූතියි.. හැමදාමත් ‍රැදෙන්න කානපිටමාට් සමගින්.. ඉතින් යාලුවො අහල තිබුන කනපිටමාට් වගේ නමක් මේකට යොදාගත්තේ ඇයි කියලා.. පේරාදෙනිය සරසවියෙන් මට ලැබුණු අමතක නොවෙන නම තමයි කනපිටයා.. ඉතින් අවුරුදු කිහිපයකින් මේ නම අපිට නැති වෙනවා.. ඉතින් ඒ නම අමතක නොවෙන්න කනපිටමාට් කලා.. අන්න එහෙමයි නම වැ‍ටුනේ..

කියෙව්වා වැඩිද මන්ද ? එහෙනම් අපි ගියා.. අපි ගැන ඔබේ අදහස් Comment කරන්න.. සුභ දවසක් හැමෝටම...