Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 14, 2015

ඔයාගේ Nokia Symbian දුරකතනයටත් සිංහල දාගමු...


ඇන්ඩ්‍රොයිඩ් ආවට පස්සේ ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනත් තවමත් පුරුදු පරිදිම Nokia වගේ දුරකතන පාවිච්චි කරන විශාල පිරිසක් ඉන්නවනේ.. ඉතින් Symbian OS එකත් එක්ක ආපු මේ දුරකතන වලට සිංහල දාගන්න විදිය තමයි අද කියලා දෙන්නේ.. හරි ලේසියි වැඩේ..

මුලින්ම පහළින් මේ සදහා අවශ්‍ය කරන ෆොන්ට් එක බාගන්න..


  • දැන් ඔයාගේ Phone එක "Mass Storage" එකක් විදියට Data Cabel එක හරහා පරිගණකයට සම්බන්ධ කරන්න..
  • දැන් Memory Card එකේ " resource " කියලා Folder එකක් හදාගෙන ඒක ඇතුලේ " Fonts " කියලා Folder එකක් හදාගන්න..
  • දැන් ඒක ඇතුලට අපි මුළින් Download කරගත්ත File එක ඇතුලේ තියෙන Font 4 Copy කරලා Paste කරගන්න..
  • දැන් ඔයාගේ Phone එක Restart කරන්න..

දැන් බලන්නකෝ නෙට් එකේ එහෙම වටයක් ගිහින් සිංහල පෙන්නන ලස්සන විතරක්..

සැලකිය යුතුයි - මෙය අත්හදා බැලීම සදහා අනිවාර්යෙන්ම External Memory Card එකක් භාවිතා කරන්න..  ඒ වගේම අත්හදා බැලීමේ සම්පූර්ණ වගකීම ඔබ සතුයි.. Nokia 6120c, Nokia 5800 දුරකතන වල සාර්ථකව අත්හදා බලා ඇත..

එහෙනම් මේ ගැන අනිත් අයටත් බලාගන්න Share පාරක් එහෙමත් දාගෙනම යන්න.. හොදම දේ එකම තැනකින් දැනගන්න නම් එකතු වෙන්න කනපිටමාට් සමගින්..