Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 13, 2015

Write Protect වැ‍ටුන Chip / Pen Format කරමු..



ඔන්න අද කියන්න යන්නේ අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහල තිබුන දෙයක් ගැන.. ගොඩක් අයට තමන්ගේ චිප් එක, එහෙමත් නැත්නම් Pen Drive එක භාවිතයෙන් ඉවත් කරන්න උනා මේ Write Protect වැටීම නිසා.. ඉතින් කොහොමද Write Protect වැ‍ටුන Chip / Pen Format කරන්නේ කියලා අපි කියලා දෙන්නම්..  මේකෙන් ගොඩක් වෙලාවට දැඩි ලෙස  Physically Damage නැති Pen / Chip ගොඩ දාගන්න පුලුවන්..

ඉතින් මේකට අපි මොනවත් Software භාවිතා කාරන්නෙ නෑ.. Windows Registry Edit කරලම තමයි හදාගන්නේ..


  • මුලින්ම Win Key + R ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් regedit කියලා Type කරලා Enter කරන්න..
  • දැන් පහත Path එකේ යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies

දැන් WriteProtect කියන එක උඩ Double Click කරලා Value එක 0 කරලා OK කරලා ඔබේ පරිගණකය Restart කරගන්න..

දැන් ඔයාට Format කරගන්න ඕනි Chip එක Pen එක සම්බන්ධ කරලා Format කරලා බලන්න.. බොහෝ දුරට හරියයි..

 
StorageDevicePolicies කියන එක නැත්නම් මොකද කරන්නේ..

එහෙනම් මෙන්න මේ Path එකට යන්න..
  • HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Right Click කරලා New Key වලින් DWORD ‍තෝරන්න..
  • ඔයාගෙ OS එක අනුව 32 Bit ද 64 Bit ද කියලා ‍තෝරගන්න..
  • දැන් Name එක විදියට WriteProtect කියලා දෙන්න..
  • Value එක 0 දීලා OK කරලා පරිගණකය Reboot කරන්න.. එච්චරයි..

මේක ටිකක් පැටලෙන වැඩක්.. ඔය පහළ වීඩියෝ එක බලන්නකෝ.. එතකොට මේ වැඩේ කරන හැටි පැහැදිලි වෙයි.. 



 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..