Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 7, 2015

වින්ඩෝස් 8 / 8.1 / 10 වලදි Data ටිකට විදින Sky Drive Disable කරමු..


ඔන්න අද අපේ යාලුවන්ට තවත් වැදගත් වෙන Tricks එකක් තමයි කියලා දෙන්න යන්නේ.. Windows 8 / 8.1 / 10 භාවිතා කරන යාලුවො දන්නව ඇතිනේ මේ OS එක්ක එන Sky Drive ගැන.. ඉතින් මේක සමහර අයටනම් වටිනවා.. තවත් සමහරුන්ට මේක මල වදයක් වෙලා.. මොකද ඇතැම් වෙලාවට අපේ Data ටිකට උදව්ව කරනවා වගේම වැඩි පුර Ram එකත් Use කරනවා..

ඉතින් අන්න ඒ නිසා මම නම් Sky Drive Disable කරගත්තා.. ඔයාලටත් කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා..
  • යතුරු පුවරුවේ Windows Key + R ඔබන්න..
  • දැන් regedit කියලා Type කරලා Enter කරන්න..
  • දැන් HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Skydrive කියන Path එකට යන්න..
  • දැන් දකුණු පැත්තෙ තියෙනවා DisableFileSync කියලා එකක්..
  • ඒක උඩ Double Click කරලා Value Data එක විදියට 1 දෙන්න..

ඔන්න ඔය පහළ වීඩියෝ එකේ තියෙනවා ඕක කරන විදිය.. ඒකත් බලාගත්තනම් වැඩේ තවත් ලේසි වෙයි..

 


හරි දැන් කියලා දෙන්නම් Windows Pro වලදි මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා..

  • යතුරු පුවරුවේ Windows Key + R ඔබන්න..
  • දැන් gpedit.msc කියලා Type කරලා Enter කරන්න..
  • දැන් Computer Configuration\Administrative Templates\Windows Components\SkyDrive කියන Path එකට යන්න..
  • දැන් දකුණු පැත්තෙ තියෙනවා Prevent Sky Drive File...  කියලා එකක්..
  • ඒක උඩ Double Click කරලා Enable කියන එකට Tic එක දාල Apply කරලා OK කරන්න..


ඔන්න ඔය පහළ වීඩියෝ එකේ තියෙනවා ඕක කරන විදිය.. ඒකත් බලාගත්තනම් වැඩේ තවත් ලේසි වෙයි

 

අවසානයට කියලා දෙන්නම් Windows File Explorer එකේ Side Panel එකේදි පෙන්නන Sky Drive Explorer එක අයින් කරගන්න කොහොමද කියලා..

  • යතුරු පුවරුවේ Windows Key + R ඔබන්න..
  • දැන් regedit කියලා Type කරලා Enter කරන්න..
  • දැන්HKEY_CLASSES_ROOT\CLSID\{8E74D236-7F35-4720-B138-1FED0B85EA75}\ShellFolder කියන Path එකට යන්න..
  • දැන් දකුණු පැත්තෙ තියෙනවා Attributes කියලා එකක්..
  • ඒක උඩ Double Click කරලා Value Data කියන එකට 0 දීලා OK කරන්න..

ඔය වැඩ ටික කරලා Restart එකක් දාලා බලන්න.. Sky Drive අතුරු දහන් වෙලා ඇති..

ඔන්න ඔය පහළ වීඩියෝ එකේ තියෙනවා ඕක කරන විදිය.. ඒකත් බලාගත්තනම් වැඩේ තවත් ලේසි වෙයි..


 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..