Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 16, 2015

Download කරන Film වලට Sub ගැලපෙන්නෙ නැත්ද ? බාන්න කලින් Film එක Play කරල Sub දාල බලමු හරිද කියලා..



මුළින්ම කියන්න ඕනි මේ ගැන අපිට කියන්න කිව්වේ අපේ බයිස්කෝප් අඩවියේ සහෝදරයෙක්.. ඉතින් ඔහුවත් මතක් කරලම අද Post එකට යනවා.. අපි බයිස්කෝප්, Zoom වගේ සයිට් වලින් සිංහල Sub එක්ක බලන්න Film Download කරනවනේ.. ඉතින් ගොඩක් වෙලාවට අපිට දෙන්නේ Torrent විදියටනේ..ඉතින් ඇතැම් වෙලාවට අපි Film එක අරන් බැලුවම තමයි දන්නෙ Film එකේ දෙබස් එක්ක, Subtitle එක යන්නෙ නෑ.. කටහඩ මුළින් යනවා, Sub පස්සෙ යනවා.. එතකොට එපා වෙනවනේ.. ඉතින් මේ නිසා අපි සම්පූර්ණයෙන් Download කරන්න කලින් Sub එක්ක Play කරල බලන්න පුලුවන්නම් හරිනේ..

අපි කලින් පෝස්ට් දුන්නනේ Download කරන්න කලින් Torrent Video එකක් Play කරලා බලන්නෙ කොහොමද කියලා.. ඒක නිසා අපි මේකෙදි ඒ ගැන කියන්න යන්නෙ නෑ.. ඒ Post එක මෙතනින් බලන්න..

අපිට Download කරගන්න Torrent දුන්නට ගොඩක් අය කරන්නෙ Direct Link හදාගෙන Internet Download Manager එක හරහා Download කරන එකනේ.. මේ ගැන Torrent File Direct Link වලට හදාගන්න විදියත් අපි කිවුවා.. ඒ ලිපිය මෙතනින් බලන්න..

හරි දැන් බලමු IDM එක හරහා Download වෙන Film එකක් Download Complete වෙන්න කලින් Sub එක්ක Play කරලා Sub ගැලපෙනවද කියලා බලන්නෙ කොහොමද කියලා..
  • මුළින්ම අවශ්‍ය Film එක IDM හරහා Download වෙන්න දාන්න..

  • දැන් Film එකේ 10% වගේ Download උනාට පස්සේ Stop කරන්න..

  • දැන් ආයෙත් Resume කරලා Stop කරන්න..

  • දැන් IDM එකේ Option කියන එක Click කරන්න..

  • ඊළගට් Save to කියන එකට යන්න..
  • දැන් Temporary Director කියන තැන තියෙන Link එක Copy කරලා ඒ Link එකට යන්න..
  • එතනින් DwnlData File එක Open කරගෙන ඔබේ User Name එකෙන් තියෙන File එක Open කරගන්න..

  • එතන ඇති ඔයා ටිකක් Download කරල Stop කරපු වීඩියෝ එක.. 

  • දැන් ඒක KM එකේ Play කරලා Film එකට අදාල Sub දාලා බලන්න Set වෙනවද කියලා..

ඔන්න ඔය වැඩේ මම කරන විදිය පහළ Video එකේ තියෙනවා.. ඒක බලන්නකෝ.. ඔයාට තවත් පැහැදිලි වෙයි..


 

 

ඉතින් එච්චරයි.. Film එකට Sub Set වෙනවනම් ආයෙත් Resume කරලා ඉතිරු ටිකත් බාගන්නයි තියෙන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන ඩොදම දේ දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...